Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපති ලන්ඩන් නුවර අවුරුදු උළෙලේ

ලන්ඩනයේ කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නායක හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් වසර 28ක් පුරා අඛණ්ඩව පවත්වනු අලුත් අවුරුදු උළෙලේ මෙවර ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (21) එක්විය.

ලන්ඩන් නුවර හැරෝ ලෙසර් මධ්‍යස්ථානයේ (Harrow leisure Centre) දී මේ අවුරුදු උළෙල පැවැත් වූ අතර, එරට වාසය කරන ශ්‍රී ලාංකිකයන් 4000ක් පමණ අවුරුදු උළෙලට සහභාගී වී සිටියහ.

එම අවස්ථාවට පැමිණි ජනාධිපතිවරයා මහත් ගෞරවයෙන් යුතුව පිළිගත් අතර, ශ්‍රී ලාංකීය ජන ක්‍රීඩා මෙන්ම සංස්කෘතිය හා බැදුණු අංග රාශියකින් වර්ණවත් වූ මේ අවුරුදු උළෙල සංස්කෘතික උළෙලකින් ද සමන්විත විය.

ඡායාරූප උදේශ් ගුණරත්න
ජනාධිපති මාධ්‍ය අංශය 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();