සද්ධර්ම කීර්ති ශ්‍රී අමරවංශ චන්ද්රජෝතිසාභිධාන ගෞරව නාමය සහිත බස්නාහිර පළාතේ ගාලු දිසාවේ උප ප්‍රධාන සංඝනායක ඇරැව්වල පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති කොටපොල මහින්ද නහිමියන්ගේ ජන්ම දිනය අදට (21) යෙදී ඇත .
මේ ලිපිය ඒ නිමිත්තෙනි.
එදා සිට මේ දක්වා මහා සංඝරත්ය පැවත ඒමද ධර්මය සුරක්ෂිත වී තිබීම බෞද්ධ පින්වතුන්ගේ වාසනාවකි.රටේ විවිධ වකවානුවල ඇතිවන සමාජ සංස්කෘතික ප්‍රශ්න මෙන්ම ඇතැම් විට දේශපාලනය වෙතද මහා සංඝරත්නය සිදු කළ බලපෑම අතිවිශාලය.ගමයි පන්සලයි යනු බෞද්ධ ජනතාව අතර ප්‍රකට කරුණක් වන අතර පිදිය යුත්තන් පිදීම මංගල කාරණයක් වේ.මහනුවර ශ්‍යාමෝපාලි මහා විහාරයේ මල්වතු පාර්ශ්වයේ මහානායක හා අනුනායක හිමිවරුන් ප්‍රධාන කාරක සංඝ සභාවේ සමාන ඡන්දයෙන් බස්නාහිර පළාතේ හා ගාලු දිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ කොටපොල මහින්ද නාහිමියන්ගේ 70 වැනි ජන්ම දිනය අදට (21) යෙදී තිබේ.
උන්වහන්සේ ඇරැව්වල ග්රමයේ ජීවත් වන්නන් උදෙසා සිදු කළ ඇති අති මහත් සේවාවන් සුවිශාලය.මහින්ද නාහිමියන් වහන්සේ අරුව්වල පුරාණ විහාරස්ථානයට වැඩම වන විට වල්බිහිවී ගරා වැටී තිබු භූමිය අද වන විට විශාල දියුණුවක් ලබා ඇත.
එම භූමියේ අද වන විට නව ධර්මශාලාවක් නිමවා එම ධර්මශාලාව උඩින් ච්යෛය රාජයාණන් වහන්සේ අපූරුවට නිමවා ඇත.නව සංඝාවාසයක්,දාන ශාලාවක් වට අලංකාර ආරක්ෂිත ප්‍රාකාර බැම්මක් ඉදිකිරීම ඇතුළු විවිධ ඉදිකිරීම් සියල්ල උන්වහන්සේගේ අනුශාසනා මත ඉදිවූවන් වේ.
මාතර දිස්ත්‍රික්කය දෙණියාය ප්‍රදේශයේ සුන්දර නිල්වලා ගඟ අසබඩ බොහෝ සුන්දර කොටපොළ ග්‍රාමයේ 1948-04-21 වැනිදා මෙලොව එළිය දුටු කොටපොල මහින්ද හිමියන්ගේ පැවිදි දිවියට මේ වන විට වසර 54ක් සපිරේ.
මාතර කොටපොල ග්‍රාමයේ විසූ දොන් දියස් දහනායක හා ලිඩී අලහකොන් දම්පතින්ට දාව උපන් මහින්ද හිමියන්ගේ ගිහි නම සිරිසේන දහනායක යාපාය.උන්වහන්සේ කුඩා කාලේ සිටම සිය මිත්තණියන් සමඟ පන්සල් යාමට පුරුදුව සිටි අතර එම කටයුතු සිදු කිරීමේදී පැවිදි වීමට ආසාවක් අවුරුදු පහේදී ඇති විය. දැනට ජාතික පාසලක් වන මාතර කොටපොල මහා විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ සහෝදර සහෝදරියන් 11 දෙනෙකුගෙන් යුත් පවුලේ පස්වෙනි දරුවා වේ.
උන්වහන්සේ වයස අවුරුදු පහළොවක් වන තුරු කොටපොල මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා මවුපිය ආශිර්වාදය මැද පැවිදි දිවියට එක් විය.1964 මාර්තු මස 25 වැනිදා පැවිදි දිවියට එක් වූ උන්වහන්සේගේ ගුරුවරයා වන්නේ අම්බලන්ගොඩ මීටියාගොඩ කරුවලබැද්ද සිරි සමුනාරාමාධිපතිව වැඩ විසු ගාලු වැල්ලබඩ පත්තුවේ ප්‍රධාන සංඝනායක වේරගොඩ අමරවංශ නාහිමියන්ය.උන්වහන්සේ පැවිදි දිවියට එක්වන්නේ අම්බලන්ගොඩ මීටියාගොඩ කරුවලබැද්ද සිරි සුමනාරාමයේදීය.ගාලු වැල්ලබඩ පත්තුවේ ප්‍රධාන සංඝනායක වේරගොඩ අමරවංශ නාහිමියන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍යයා වන්නේ කොටපොල මහින්ද හිමියන්ය.ඇරැව්වල පුරාණ විහාරාධිපතිව වැඩ විසූ සද්ධර්ම කීර්ති කර්මාචාර්ය වක්වැල්ලේ පුඤ්ඤසිරි නාහිමියන්ද උන්වහන්සේගේ ගුරු නමකි. ගුරුදේවයන් වහන්සේලාගෙන් උගත මනා බණ දම් මනාව ප්‍රගුණ කළ කොටපොල සාමණේරයන් වහන්සේ මූලික පිරිවෙන් අධ්‍යාපනය ලැබුවේ හික්කඩුව මාජුවානේ ඉන්දසාර පිරිවෙණෙනි.දෙමටගොඩ ධර්මදූත විද්‍යාලයෙන් ත්‍රිපිටක ධර්මය හා ප්‍රාචීණ විභාගය හැදෑරු කොටපොල මහින්ද හිමියන් 1980දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියද බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධියද ලබා ගත්හ.එම විශ්ව විද්‍යාලයෙන්ම ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් උන්වහන්සේ ඉන් අනතුරුව ඇරැව්වල විද්‍යාලෝක විද්‍යාලයේ ගුරුවරයකු වශයෙන් ගුරු සේවයට එක් වූ එම විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා වශයෙන් වසර 23ක සේවා කාලයක් සේවය කිරීමෙන් අනතුරුව විශ්‍රාම ලැබීය.එම කාලය තුළ පාසල් ශාස්ත්‍රීය විෂය මාලාවට අමතරව විනය කටයුතු පිළිබඳව දරුවන් දැනුවත් කළ අතර විනය ආරක්ෂා කිරීමටද පියවර ගත්හ.ඇරැව්වල පුරාණ විහාරාධිපතිව වැඩ විසූ සද්ධර්ම කීර්ති කර්මාචාර්ය වක්වැල්ලේ පුඤ්ඤසිරි නාහිමියන්ගේ අපවත් වීමෙන් පසුව ඇරැව්වල පුරාණ විහාරයේ නායකත්වය ගත්තා ලෙස ප්‍රදේශවාසීන් සිදු කළ ඉල්ලීමට අනුව එම ධූරයේ සියලු කටයුතු එදා සිට අද දක්වා උන්වහන්සේ විසින් ඉටු කරති.දිරාපත්ව තිබූ බුදුගෙය සහ දේවාල ගෙය සම්පූර්ණයෙන් පිළිසකර කිරීමටත් පන්සලට අත්‍යවශ්‍ය අංගයක් වූ චෛත්‍ය සීමිත ඉඩකඩක් තුළ ඉදිකරලීමේ අභීයෝග උන්වහන්සේ ජය ගත්හ.ධර්මශාලාව අලුතින් ඉදිකරලීම අරැව්වල පුර විහාරයේ පැවැත්වෙන සෝමාලෝක දහම් පාසල කැස්බෑව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ඇගයීමට ලක් කරවීමට හැකි වීමද උන්වහන්සේගේ මඟපෙන්වීම අනුව සිදුකෙරෙන කාර්යයන් වේ.දිවයිනටම සාමවිනිසුරු පදවියෙන් පිදුම් ලැබූ උන්වහන්සේ අමරපුර නිකායේ ප්රවර්ජන කීර්ති ශ්‍රී ශාසන විභූෂණ ශාසන යන ගෞරව නාමයෙන් පිදුම් ලැබූහ. උන්වහන්සේ 2005 වසරේදී විද්යාපතිභාන යන ජනාධිපති සම්මානයෙන්ද පිදුම් ලබා ඇත්තේ උන්වහන්සේ සිදු කළ ශාසනික මෙහෙවර උදෙසාය.ශ්‍යාමෝපාලි වංශික මහා විහාරයේ මල්වතු පාර්ශ්වයේ මහානායක අනුනායක හිමිවරුන් ප්‍රධාන කාරක සංඝ සභාවේ සමාන ඡන්දයෙන් කොටපොල මහින්ද නාහිමියන් වහන්සේටද සද්ධර්ම කීර්ති ශ්‍රී අමරවංශ චන්ද්රජෝතිසාභිධාන ගෞරව නාමය සහිත බස්නාහිර පළාතේ ගාලු දිසාවේ උප ප්‍රධාන සංඝනායත පදවියද කොටපොල මහින්ද නාහිමියන් වහන්සේටද සද්ධර්ම කීර්ති ශ්‍රී අමරවංශ චන්ද්රජෝතිසාභිධාන ගෞරව නාමය සහිත බස්නාහිර පළාතේ ගාලු දිසාවේ උප ප්‍රධාන සංඝනායත පදවියද පිරිනැමීය.
අම්බලන්ගොඩ මීටියාගොඩ කරුවලබැද්ද සිරි සුමනාරාමාධිපතිව වැඩ විසු ගාලු වැල්ලබඩ පත්තුවේ ප්‍රධාන සංඝනායක වේරගොඩ අමරවංශ නාහිමියන්ගේ අපවත්වීමෙන් පසුව එම විහාරස්ථානයේද ඇරැව්වල පුරාණ විහාරාධිපතිව වැඩ විසූ සද්ධර්ම කීර්ති කර්මාචාර්ය වක්වැල්ලේ පුඤ්ඤසිරි නාහිමියන්ගේ අපවත් වීමෙන් පසුව ඇරැව්වල පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති වශයෙන් කොටපොල මහින්ද නාහිමියන් කටයුතු කරයි.
කොටපොල මහින්ද නාහිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් ඉකුත් 17 වනදා සිට තෙදිනක් පුරා අටවිසි බුද්ධ පූජාවන් පැවැත්වෙන අතර හෙට (20) සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක් පැවැත්වේ. අද (21) ඇරැව්වල පුරාණ විහාරස්ථානෙයේ විශේෂ ලේ දන්දීමේ වැඩසටහනක් සහ වෛද්‍ය සායනයක් සංවිධාන කර ඇති අතර 22 දා 75 නමක් මහා සංඝරත්නය උදෙසා දානමය පින්කමක් පැවැත්වීමටද කටයුතු සංවිධාන කර ඇත.
මහා සංඝරත්නයේද සතර පේරුවේ ජනතාවගේද ගෞරවයට පාත්‍ර වූ කොටපොල මහින්ද නාහිමියන්ට ආයු වර්ණ සැප බල ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
සුභාෂිණී සේනානායක
0 Comments