Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සීසීසි පදනමෙන් මනෝ උපදේශන සේවාවක්

සමස්ත සමාජය කෙරෙහි දයානුකම්පාව සහ කැපවීම යන සංකල්පය පෙරදැරි කරගත් 'සීසීසී පදනමේ' මාධ්‍ය හමුවක් පසුගියදා මැජස්ටික් සිටි හිදී පැවැත්විණි. එම පදනමේ සන්නාම තානාපති ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාරගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවේදී අදහස් දැක්වූ ඒ මහතා,

"සීසීසී පදනම 2009 වසරේ සිට ක්‍රියාත්මක වන ලාබ නොලබන සමාජ සත්කාරක ආයතනයක්. මහරගම අපේක්ෂා රෝහලට දුර පළාත්වල සිට පැමිණෙන රෝගීන්ට නවාතැන් පහසුකම් සලසන්න ඇඳන් 190කින් සමන්විත රෝගීන්ට අවශ්‍ය අනෙකුත් පහසුකම්ද සහිත වාට්ටුවක් නිවසක් ලෙස ස්ථාපනය කෙරුණා.

දෙවැනි පියවර විදිහට CCCline ආරම්භ කළා. එ මඟින් මානසික අසහනකාරී තත්ත්වය පත් ජනතාවට දුරකථන ඇමතුමක් මගින් සහනයක් සැලසීමයි සිදු වෙන්නේ. සෑම දිනකම උදෑසන 9.00 සිට රාත්‍රී 9 දක්වා මේ සේවය ක්‍රියාත්මක වෙනවා. මේ ඔස්සේ අපගේ සේවයේ පුහුණුවලත් උපදේශකවරුන් ස්වේච්ඡාවෙන් ජනතාවට සෙත සලසනවා.

මේ සේවාව ගැන තවමත් රටේ බොහෝ දෙනෙක් දැනුවත් වෙලා නැහැ. ඒ නිසාම ශාන්ති මාර්ග පදනමේ සාමාජිකයන් දෙදෙනකු සහ CCCline හි කළමනාකරු එක්ව දිවයිනේ මුහුදුබඩ නගර ආවරණය කරමින් ගමන් කරන දින හැත්තෑ එකක පාගමනට අමතරව එළඹෙන සැප්තැම්බර් මාසයේදී කිලෝමීටර් 1333 ආවරණය කරමින් පාපැදි සවාරියක් අපි සූදානම් කර තිබෙනවා.

CCC පදනමේ නිලධාරීන් ඇතුළු සාමාජික සාමාජිකාවෝ බොහෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

දිල්රූ ජයසේකර
ඡායාරූපය නිරෝෂ් බටේපොල

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();