* වළ ඇතුළේ දෙන්නෙක් පාවී පාවී හිටියා
* ඉණිමගක් තියලා බැහැලා එක් අයකුගේ ඉණෙන් අල්ලා අදින කොට මටත් කලන්තය වගේ හැදුණා
කාගේත් දෙනෙත් කදුළින් පුරවාලමින් බැල්ලපිටිය කලවැල්ලාව පාරේ රබර් කර්මාන්තශාලාවක අප ජලය එකතු වන ටැංකියකට වැටි එහි සේවකයෙකු රසායනාගාර කාර්මික ශිල්පියෙකු සහ අවට ගම්වැසියන් තිදෙනෙකු අවසන් ගමන් ගියේ තවත් විශාල පිරිසකට ස්වශන අපහසුතා රෝගි තත්ව ඇති කරවමිනි .
අවුරුදු නිවාඩුවෙන් පසුව ආරම්භ කළ කර්මාන්තශාලාවේ කාන්තාවන් දස දෙනෙකු පමණ ද පිරිමි සේවකයින් දෙදෙනෙකු සේවය කරමින් සිටියදි දහවල් 1.20 ට පමණ මෙම අවාසනාවන්ත සිද්ධිය ඇති වි තිබිණි .
සිද්ධියෙන් මියගොස් ඇත්තේ උතුරු කළුතර , උග්ගල්බඩ , විද්‍යාල මාවත , අංක 67 පදිංචි එච්.කේ ආරියපාල ( 40 ) ,හොරණ , ග්‍රේස්ලන්ඩ් පාර පදිංචි වරුණ චන්ද්‍රකුමාර ( 23 ) , හොරණ , බැල්ලපිටිය ,අක් 35 පදිංචි ජයසිංහගේ දොන් ලාල් පුෂ්පකුමාර ( 41 ) හොරණ , බැල්ලපිටිය පදිංචි දිලිප ලොකු පතිරගේ ( 32 ) , වල්පිට , පින්කොලහේන පදිංචි ප්‍රියන්ත කුමාර ( (41) යන අයයි .
මිට මාස තුනකට පමණ පෙර ආරියපාල මහතා ඔහුගේ බිරිද මල්කාන්ති සමග මෙම කර්මාන්තශාලාවේ රැකියාවට පැමිණ ඇත්තේ මෙවැනි අනතුරක් සිදු වේ යැයි හිනෙකින්වත් සිතාගෙන නම් නොවේ . එකම පුතු 24 හැවිරිදි මොහාන් චතුරංගගේ අනාගතය යහපත් කිරිමට අවශ්‍ය නිසාය . එදින ඔහු අපජලය සහිත වල පවිත්‍ර කිරිමට සැරසි එය වසා තිබු ආවරණය විවර කළේ අවසන් වතාවට බව නොසිතාය .
එහෙත් ඉන් පිටවු විෂ වායුව ඔහුව එය තුළට ඇද දැමුවේ ඒ අසලට පැමිණි මල්කාන්තිවද රෝගි කරවමිනි .
ආරියපාල මහතා වැටුණු ශබ්දයට එම ස්ථානයට පැමිණි වරුණ චන්ද්‍රකුමාර ( 23 ) මහතා ටැංකියට එබි බැලුවේ තම මිතුරා ගොඩ ගැනීමට වුවත් සිදු වූයේ අනෙකකි .
එම ස්ථානයට දුවගෙන පැමිණි සේවිකාවන් මාර්ගය වෙත ගොස් පාරේ යන අයගෙන් ආධාර ඉල්ලා කැගැසුවේ ඒ අහලක පිරිමි පුළුටක් නොසිටි නිසාය .
සිද්ධිය පිළිබඳ රෝගි තරුණයෙක් හඩමින් මෙසේ පැවසුවේය .
ගෑනු කෙනෙක් කැගැහුවා දෙන්නෙක් වළට වැටිලා කියලා. කවුරුත් පිරිමි කෙනක් නෑ ගොඩ ගන්න කියලා .ඒ කැගහන සද්දෙ ඇහිල අපි දුවගෙන ගියා බලන්න . එක් අයෙක් පාවි පාවි හිටියා . තුන්දෙනෙක් පැන්න ගන්න . තුන්දෙනාම වැටුණා . අපිටත් එතැන ඉන්න බැ .හුස්ම ගන්න බෑ.
ඔච්චර ගැස් එකක් තියෙනවා නම් අඩුම තරමෙ දැන ගන්න එපායැ ආරක්ෂාවක් දෙන්න .අඩුම තරමෙ පොලිසියටවත් කෝල් එකක් දීලා නෑ
රෝගින් බේරාගත් පුද්ගලයෙකු පැවසුවේ මෙවැන්නකි ..
ලොකු වතුර ටැංකියක් තිබුණෙ . වැටුණ කෙනාව බලන්න ඇතුළට ඔළුව දැම්මාම ගෑස් එක මුණට වැදිලා වැටෙනවා . බලන බලන කෙනා වැටුණා .
රෝහලේ හඩමින් සිටි මියගිය ලාල් පුෂ්පකුමාර මහතාගේ බිරිද චන්ද්‍රිකා දමයන්ති ( 39 ) .. අපි බැල්ලපිටියෙ ඉන්නෙ . අනේ අපි දෙන්න අවු 03 දරුවව නිදි කරලා තියලා පොඩ්ඩක් හොරණට ගිහින් එන්න බයිසිකලෙන් ගියා . ඒ ගිහින් ආපහු එන කොට පැක්ටරිය පැත්තෙන් කැගහන සද්දයක් ඇහිලා එයා බයිසිකලේ පාර අයිනෙ නවත්තල ගියා පොඩ්ඩක් බලල එන්නම් කියල . අනේ එයාවත් වැටිලා . .
මෙම ටැංකිය අඩි 12 ක් පමණ ගැඹුරු එකක් වන අතර එහි අඩි 02 ක් පමණ උසට අප ජලය තිබිණි ...මං පාරෙ යන කොට ගෑනු කෙනෙක් කැගැහුව දෙන්නෙක් වළක වැටිලා බේර ගන්න කියල . බයිසිකලේ නවත්තලා මාත් ගියා බලන්න . බලන කොට වළ ඇතුළේ දෙන්නෙක් වැටිලා ඉන්නවා . මං ඉණිමගක් ගෙනත් තියලා බැස්ස . එක්කෙනෙකුගේ ඉණෙන් අල්ලල අදින්න හැදුවා විතරයි මගෙත් ගාය නැති වුණා . මම උඩට ආපු විදියවත් ඉස්පිරිතාලෙට ආව විදියවත් මතක නෑ .
...ඒ වළේ දුම දානවා . කොළ පාටයි වගේ වතුර . කෙමිකල් එකක් වෙන්න ඇති . අපි ඒ ගැන හිතුවෙ නෑ . මනුස්සයෙක් වැටිල බේරගන්නනෙ . මම පඩි පෙළවල් දෙකක් විතර බහිද්දි මට කලන්තෙ වගේ වුණා . උඩ හිටපු අය ඒක දැක්කා . ඒ අය ටක් ගාල මාව උඩට ගත්තා .මට හරි සිහිය ආවෙ ඉස්පිරිතාලෙදි ..
මේ රෝහලේදි අපට හමුවු පිරිස් පැවසු වදන්ය .
මියගිය වරුණ චන්දුකුමාර මහතා එම කර්මාන්තශාලාවේ රසායනාගාර කාර්මික ශිල්පියෙකි . හොරණ තක්ෂිලා මධ්‍යමහා විද්‍යාලයෙන් අපොස උපෙළ ගණිත අංශයෙන් අධයාපනය ලැබු ඔහු ගේ මවුපියන්ද රජයේ උසස් රැකියාවල නියුතු වුවෝ වෙති .
මෙම සිද්ධියෙන් මියගිය ලාල් පුෂ්පකුමාර මහතා ගස් කැපිමෙන් තම පවුල ජිවත්කරවු උත්සාහවන්තයෙකි . තවමත් බාගෙට ඉදි කරමින් යන නිවසක ජිවත් වන ඔහුට අවු 17 , 11 , 09 , 03 වයස්වල පුතුන් දෙදෙනෙක් සහ දියණියන් දෙදෙනක් සිටිති . වැඩිමල් පුතුද පාසල් ගමනට තිත තබා පොලිතින් කම්හලක රැකියාට ගොස් ඇත්තේ පවුලේ බරට උරදිම සදහාය .
ව්‍යාපාරිකයෙකු වන මියගිය දිලිප ලොකුපතිරගේ ග්රානිලධාරි විජිත ලොකුපතිරගේ මහතාගේ වැඩිමල් පුතුය . ඔහුට තවත් සොහොයුරෙකු සහ සොයුරියක සිටින අතර එම කර්මාන්තශාලාව අසල වාහන අලුත්වැඩියා කරන ස්ථානයට ඔහු ගොස් ඇතතේ ඔහුගේ බයිසිකලය අලුත්වැඩියා කර ගැනිම සදහාය . වළට වැටුණු අය බේරා ගැනිමට ගොස් ඔහුට ජිවිතය අහිමි තිබේ .
මදුරාවල සොඛ්‍ය වෛද්‍ය නිලධාරිනි එරන්දි කුලතිලක මහත්මිය පැවුසවේ මෙම කර්මාන්තශාලාවට අපද්‍රව්‍ය කළමනාකරණය කළ යුතු ආකාරය පිළිබදව ලිඛිතව හා වාචිකව අවවාද දුන්නද ඔවුන් එය පිළිපැද නොමැති බවය . ගම්වාසින්ට සහ අවට ළිංවලට බලපෑමක් ඇද්දැයි සොයා බලා කටයුතු කරන බවය .
කම්කරු දෙපාර්තමෙන්තුවේ විශේෂඥ කර්මාන්තශාලා පරීක්ෂක අශොක පිීරිස් මහතා ටැංකිය පොඩ්ඩක් ඇරල වැල් එක ඕපන් කරන්න කියල තියෙනවා . වැල් එක ඕපන් කරන්න යන කොට එයාව වැටිලා ඇතුළට . අනාරක්ෂිත විදියට තමයි බැහැල තියෙන්නෙ . ඒක ඇතුළට බහිනවා නම් හුළං අරින්න ඕනැ බර ගැස් පිට වෙන්න .
සිද්ධිය වු ස්ථානයට විශාල පිරිසක් රැස් වු අතර පැමිණි පුද්ගලයින් උස් හඩින් කැකෝගසමින් මෙම කර්මාන්ත ශාලාව තහනම් කරන ලෙස ඉල්ලා කලහකාරි ලෙස හැසිරුණු අතර 20 වන දිනද පොලිස් ආරක්ෂාව යොදා තිබිණ .
කළමනාකරු 25 දක්වා රිමාන්ඩ්
හොරණ පොලිස් වසමේ බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ආයතනයක් අසල ඇමෝනියා සහිත විෂ වායු ශරීර ගතවී පුද්ගලයින් පස් දෙනෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කර්මාන්ත ශාලාවේ කළමනාකරු අත්අඩංගුවට ගෙන ඊයේ (20) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩබලන මහේස්ත්‍රාත් තුමිය විසින් සැකකරු මෙම මස 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
රක්ෂණ ශ්‍රියන්ත
0 Comments