Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රොෂේන්ගෙන් තවත් විශිෂ්ට ඉනිමක්

රොෂේන් සිල්වා දියත් කළ විශිෂ්ට ඉනිම හේතුවෙන් අන්තර් පළාත් සුපිරි හතර සිවුදින ක්‍රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායම සමග සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 425ක් රැස් කිරීමට සමත් විය.

ලකුණු 129කට කඩුලු 4ක් බිඳ වැටී තිබියදී නායක දසුන් ශානක සමග එක්වූ රොෂේන් සිල්වා 5 වැනි කඩුල්ලට ලකුණු 167ක් රැස් කළේය. යළිත් වරක් අවාසනාවත්ත වූ ශානක ශතකයට ලකුණු 10ක් පසුපසින් සිටියදී චරිත් අසලංකගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. ඔහුට තරගාවලියේ පළමු තරගයේදී ලකුණු 5කින් ශතකය අහිමිවිය.

ඉනිමේ අවසන් කඩුල්ල ලෙස රොෂේන් දැවී යනවිට පන්දු 295කට මුහුණ දෙමින් ලකුණු 168ක් රැස්කර තිබිණි. ඔහුගේ ඉනිම හතරේ පහර 16කින් හා හයේ පහර 2කින් අලංකාර විය.

තරගාවලියේ මෙතෙක් වාර්තාවූ එකම ද්විත්ව ශතකයට හිමිකම් කියන රොෂේන් පළමු තරගයේදී කොළඹ පිලට එරෙහිව නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 231කි.‍

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන මහනුවර කණ්ඩායම තරගයේ දෙවැනි දිනයවූ ඊයේ ලකුණු 185කට දැවී ගියේය.

මේ අතර කොළඹ සහ දඹුල්ල අතර දඹුල්ලේ පැවැත්වෙන 5වැනි තරගයේ පළමුව පන්දුවට කොළඹ පිල පළමු ඉනිමට ලකුණු 210ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායම පළමු ඉනිම ලකුණු 359ක් රැස් කළේය. එහිදී මනෝජ් සරත්චන්ද්‍ර ලකුණු 103ක් වාර්තා කිරීමට සමත් විය.

ප්‍රියංකර 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();