Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දෙවැනි වතාවටත් සූමෝ ශූරයා චමිල

ජපානයේ ජාතික ක්‍රීඩාව ලෙස සැලකෙන සූමෝ ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වාදීමෙන් පසු පවත්වන ලද දෙවැනි ජාතික සූමෝ තරගාවලියේදීද පිට පිට දෙවැනි වතාවටත් පිරිමි අංශයේ දක්ෂතම සූමෝ ක්‍රීඩකයා බවට පත්වීමට මතුගම ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තරග වැදි චමිල කරවිට සමත් වූවේය. අදාළ තරගාවලියේ කාන්තා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තරුණ ක්‍රිස්තියානි ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් තරග වැදි ඒ.එස්. මල්ෂා සමත්වූවාය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් කොළඹ කොටුව තරුණ ක්‍රිස්තියාන් සංගම් ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැති මේ තරගාවලියේ ප්‍රථමයෙන්ම කිලෝ ග්‍රෑම් 115 ට වැඩි හෙවත් හෙවිවේට් තරග අංශයේ අවසන් මහ තරයේ දී දිනේෂ් ජයසිංහව පරාජයට පත් කරමින් රන් පදක්කම දිනාගත් චමිල අනතුරුව දක්ෂතම ක්‍රීඩකයා තේරීම වෙනුවෙන් පැවැති විවෘත අංශයේ රන් පදක්කම දිනා ගත්තේය. කාන්තා අංශයේ කැපී පෙනුණු ඒ. එස්. මල්ෂා, විවෘත තරග අංශයේ අවසන් මහ තරගයේ දී මතුගම ක්‍රීඩා සමාජයේ නයනරසී කරවිට පරාජයට පත් කරමින් ජාතික සූමෝ ශූරිය වශයෙන් කිරුලු පැළඳුවාය.

මෙවර තරගාවලියේ අවසන් වටයේ සියලූම තරග ජපානයේ සිට පැමිණි වෘත්තීය සූමෝ ක්‍රීඩකයන් සහ විනිසුරුවන් විසින් සිදු කිරීමද විශේෂත්වයක් විය.

තරග ප්‍රතිඵල

පිරිමි

කි.ග්‍රෑම් 55 - 1.සී.එස්. රත්නසිරි, 2.සී. එච්. කුමාර, 3.සී.එස්. සුගතපාල ජී. එච්. ලක්මාල්

කි.ග්‍රෑම් 65 - 1.එන්. එස්. බස්නායක, 2. ඩී.පී. දිසානායක, 3.එස්. එස්. කුමාර

කි.ග්‍රෑම් 75 - 1.ජී.පී. උදයංග, 2.එම්. එම්. රාජපක්ෂ, 3.එස්. ටී. දිසානායක පී. ඒ. රණසිංහ

කි.ග්‍රෑම් 85 - 1.ඩී. සී. මුතුහේවගේ, 2.එස්. තිරුබාකරන, 3.ටී. තක්ෂාන් ජී.සී. රංගන

කි.ග්‍රෑම්. 115- 1.එන්. සී. එස්. ගුණරත්න, 2.එම්. වීරකෝන්, 3.ඊ. වනුමාන් එච්. එස්. නිතුර්ෂාන්.

කි.ග්‍රෑම් 115 ට වැඩි - 1. චමිල කරවිට, 2. දිනේෂ් ජයසිංහ, 3.ඩී. යූ. රණසිංහ සජිත් ගයාන්.

විවෘත - 1.චමිල කරවිට, 2.එන්. එස්. සී. ගුණරත්න, 3.කේ. බී. එන්. සංජීව එම්. විනෝද්

කාන්තා

කි.ගෑම් 40 - 1.එස්. සී. රණතුංග, 2.අචලා රණසිංහ, 3.ටී. එච්. රාජසිංහ එන්. එස්. පෙරේරා.

කි.ග්‍රෑම් 50 - 1.ඒ. එස්. රත්නායක, 2. චතුරංගිකා වැන්දබෝනා නිතුෂි ජයසිංහ, ආර්. ගුණරත්න.

කි.ග්‍රෑම් 60 - 1.ඩී. ආර්. කුලනායක, 2. මධුවන්ති පේෂලා කුමාරි, 3.ආර්. අනුෂ්කා දමයන්ති ගයාත්‍රි දොඩන්ගොඩ.

කි.ග්‍රෑම් 85 ට වැඩි - 1.ඒ. යූ, පුෂ්පකුමාරි, 2.කේ. ඒ. සහේලි නිමල්කා, 3.ආර්.එම්. දමිතා අබේසේකර එම්. ගුනෙත්ති

කි.ග්‍රෑම් 115 ට වැඩි - 1.නයනරසී කරවිට, 2. නිමල්කා රත්නායක, 3. සචිත්‍රා සෙනෙවිරත්න, පී. එස්. චතුරික එරන්දතී ගුණතිලක

විවෘත - 1.ඒ. එස්. මල්ෂා, 2.නයනරසී කරවිට, 3.ඩී. ආර්. කුලනායක එස්. රත්නායක.

කණ්ඩායම් තරග

පිරිමි ශූරතාව - තරුණ ක්‍රිස්තියානි සංගම් ක්‍රීඩා සමාජය

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();