Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බ්‍රැඩ්බි පලිහ පළමු තරගය රාජකීයයෝ ජය ගනිති

Author(s): 
ෆවුස් මොහොමඩ්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තරගය නරඹමින්. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, රාජකීය විදුහල්පති බී.ඒ.අබේරත්න, ත්‍රිත්ව විදුහල්පති ඇන්ඩෘ ෆවුලර් මහත්වරුද මෙහි වෙති. ඡායාරූප - සමන් මෙන්ඩිස්

මෙවර පාසල් ලීග් රග්බි තරගාවලියේ ආරම්භයේ සිටම පෙරළිකාර ජයග්‍රහණ රැසකින් ප්‍රතිවාදින් මෙල්ල කළ කොළඹ රාජකීය විදුහල් පිල සිය සම්ප්‍රදායික පසමිතුරා වන ත්‍රිත්ව විදුහල් පිල සමග වාර්ෂිකව පැවැත්වෙන සුප්‍රකට බ්‍රැඩ්බි පලිහ තරග ද්විත්වයේ පළමු තරගයෙන් ලකුණු 39-7ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට සමත්විය.

අතිවිශාල ක්‍රීඩාලෝලීන් සංඛ්‍යාවක් මැද පැවැති මේ තරගය නැරැඹීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්වී සිටීම කැපී පෙනුණි. මීට අමතරව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සහ දෙවිදුහලේ විදුහල්පතිවරු වන බී.ඒ.අබේරත්න (රාජකීය), ඇන්ඩෘ ෆවුලර් (ත්‍රිත්ව) මහත්වරු ද එක්වී සිටියහ.

රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ පසුගියදා පැවැති මේ තරගයේ පළමුභාගය නිමාවනවිට ලකුණු 19-0කින් පෙරමුණ ගත් රාජකීය විදුහල් ක්‍රීඩකයන් තරගය ජයගත්තේ උත්සාහක දිනුම් 6ක්ම තැබීමෙනි. රාජකීය විදුහල් පිල වෙනුවෙන් විශිෂ්ට ක්‍රීඩා විලාශයක නිරතවූ ජනිඳු ඩිල්ෂාන් උත්සාහක දිනුම් 2ක් තැබූ අතර සසිත සියාත්, බිම්සර ඉඳුවර, මලීෂ මධුමෙවන් සහ හිමන්ත හිරුෂාන් සෙසු උත්සාහක දිනුම්වලට හිමිකම් කීහ.

මේ උත්සාහක දිනුම් 6න් 3ක්ම ගෝල බවට පත් කිරීමට ෆුල් බෑක් ක්‍රීඩක දුලාන් ගුණවර්ධන සමත්වූ අතර ෆාදිල් අද්නාන් දඬුවම් පහරක් සාර්ථකව එල්ල කළේය. ත්‍රිත්ව විදුහලට රැස් කිරිමට හැකිවූයේ ගෝලයක් පමණි. එම ගෝලය වාර්තා වූයේ විශ්ව රණරාජා තැබූ උත්සාහක දිනුමක් නායක අවිශ්ක ශේක් විසින් ගෝලයක් බවට පත් කරනු ලැබීමෙනි.

අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය ලෙස පැවැති මේ තරගයේ ජයග්‍රහණයත් සමග අපරාජිතව පෙරමුණ ගනිමින් කුසලාන වටයට එක්වීමට ද රාජකීයයෝ සමත්වූහ.

තරගය ආරම්භයේ සිටම විශිෂ්ට ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ රාජකීය විදුහල් ක්‍රීඩකයන් පළමු භාගයේදී උත්සාහක දිනුම් 3ක් වාර්තා කළ අතර දෙවැනි භාගයේදී තවත් උත්සාහක දිනුම් 3ක්ම තැබුවේය.

දෙපිල අතර 74 වැනි වරටත් පැවැත්වෙන බ්‍රැඩ්බි පලිහ තරග ද්විත්වයේ දෙවැනි තරගය ලබන මැයි මස 5 වැනිදා පල්ලෙකැලේ පිටියේදී පැවැත්වීමට නියමිතය. 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();