Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුරක්ෂා සිසු රක්ෂණාවරණ පිළිකා-වකුගඩු රෝගවලටත්

Author(s): 
සුභාෂීණී සේනානායක

සුරක්ෂා සිසු රක්ෂණාවරණ ප්‍රතිලාභ පිළිකා සහ වකුගඩු රෝග සඳහා ද ලබාදීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මෙරට රජයේ පාසල්වල මෙන්ම ජාත්‍යන්තර පාසල්වල සහ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන දරුවන් ලක්ෂ 45ක් පමණ මේ සුරක්ෂා රක්ෂණාවරණයෙන් ප්‍රතිලාභ ලබති.

ඉදිරියේ දී පිළිකා සහ වකුගඩු රෝග නිසා රෝහල් ගතව සිටින සිසුන් සඳහා ගෙවීම් සිදු කරන බව රක්ෂණ සංසථාවේ ප්‍රකාශිකාවක් කියා සිටි අතර ඉල්ලුම් කළ එහෙත් ගෙවීම් නොකළ ගෙවීම් සඳහාද මුදල් ගෙවීමට කටයුතු කරන බව හෙතෙම කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ අධීක්ෂණය යටතේ ආරම්භ කළ සුරක්ෂා රක්ෂණාවරණයෙන් මෙරට අධ්‍යපනය ලබන සිසුන් 11,000කට පමණ ප්‍රතිලාභ ගෙවා ඇති අතර ගෙවන ලද මුදල මිලියන 80ක් පමණ වේ.

මේ රක්ෂණාවරණය මගින් පිළික අවසාන අදියරේ වකුගඩු රෝග තත්ත්වයන්, දරුණු තත්ත්වයේ අවයව බද්ධ කිරීම්, අංශභාගය, අන්ධභාවය, තෙවන අදියර පිළිස්සුම් මෙන්ම පොතුකබර රෝගාබාදයන් ආවරණය වන අතර රුපියල් ලක්ෂ දෙකක රක්ෂණාවරණයක් පුද්ගලික රෝහලක ප්‍රථිකාර ගැනීම සඳහා වරකට ලක්ෂය බැගින්ද ගෙවීම් සිදු කරයි.

එමෙන්ම රජයේ රහෙල්වල නේවාසික ප්‍රථිකාර ලබා ගැනීම සඳහා දිනකට රුපියල් 1000ක දීමනාවක් උපරිම දින 30 ආවරණය වන පරිදි ගෙවීමට කටයුතු කරන අතර බාහිර රෝගී ප්‍රථිකාර සඳහා රුපියල් 10,000ක මුදලක් ගෙවීමටත් තෝරාගත් පරීක්ෂණ සිදු කිරීමට (නේවාසික නොවන අවස්ථාවන්වලදී) ගෙවීම් සිදු කෙරේ.

මෙරට දරුවන් නිරෝගී සෞඛ්‍ය සම්පන්න පරපුරක් ලෙස රටට දායාද කිරීම අරමුණ බවත්, මේ සඳහා අවශ්‍ය සියලු කටයුතු සිදු කරන බවත් අධ්‍යාපන අමැති අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේය

2017 ඔක්තෝබර් මාසයේ දී හඳුන්වාදුන් සුරක්ෂා රක්ෂණ වැඩසටහන යටතේ පාසල් 11,242ක අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂ 45කට රක්ෂණාවරණය හිමිවේ .

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();