Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගහක මල් පිපිලා ගීතය ඇත්තම් තේරුම ගැන ලේඛිකාව යමුනා මාලනී කියන කතාව

සමහර ගීත ඉතා ඉක්මනින් ජනප්‍රිය වෙලා ඒ වේගෙන්ම හැමෝටම අමතක වෙලා යනවා. එහෙම නැත්නම් බොහෝ දෙනාට එපා වෙනවා. ඒත් එකවර ජනප්‍රිය නොවී රසිකයන් අතරට ගිහින් ජනප්‍රිය උන සමහර ගීත තියෙනවා කවදාවත් රසිකයන්ගෙන් ඈත් නොවන. බොහෝ විට මෙවැනි ගීත වර්ථමානයේ බිහි නොවුනත් මීට වසර ගනනාවකට පෙරනම් බොහෝ අවස්ථාවල නිර්මාණය වෙලා තියෙනවා.

ප්‍රවීන ගී පද රචිකාවියක් වගේම ලේඛිකාවක් වන යමුනා මාලිනී ලියා ගුණදාස කපුගේ සංගීතවත් කර කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන ‘ගහක මල් පිපිලා පිපෙන්නේ‘ ගීතය මෙරට රසිකයන් අතර බොහෝ කලක සිට අතිශය කතා බහට ලක්වුනු ගීතයක්. මෙහි ප්‍රේමය පිලිබදව අතිශය සංවේදීව පද ගලපලා තියෙනවා වගේම රසිකයන්ට විවිධ පැති ඔස්සේ චිත්ත රූප මවා ගැනීමට හැකි පරිදි මෙම ගීතය නිර්මාණය වෙලා තියෙනවා. ඉතිං මේ අපුරු ගීතය නිර්මාණය පිලිබදව යමුනා මාලනී කියලා තිබුනේ මේ විදිහට.

“එක ලේඛිකාවක් හිටියා පුවත්පත් වලට වගේම සගරාවලට ලිපි ලියන. ඉතිං මේ ලේඛිකාවගේ නිර්මාණ වලට ආසා කරපු රසිකාවියොත් විශාල ප්‍රමාණයක් හිටියා. ඉතිං මේ අය නිතර මේ ලේඛිකාවට ලිපි ලියපු අතර මේ රසිකාවියන්ටත් ලේඛිකාව හැකි පමනින් පිලිතුරු ලිපි ලිව්වා. හැබැයි තමන්ට ලිපි එවන සියල්ලන්ම රසිකාවියෝ කියලා තමයි මේ තරුණ ලේඛිකාව හිතන් හිටියේ.

මේ ලිපි අතර ටිකක් වෙනස් ලිපි ටිකක් මේ ලේඛිකාව දකිනවා. ඒ වගේම ඒ ලිපි රසිකාවියක් නෙමේ රසිකයෙක්ගේ බවත් මේ ලේඛිකාවට තේරෙන්න ගන්නවා. ඒක තේරුනේ මේ ලේඛිකාවගේ දුරකථන අංකයක් හොයාගෙන ඇගේ කාර්යාලයට දිනක් පුද්ගලයෙක් කතා කරලා ‘ මේ කතා කරන්නේ ලිපි එවන කෙනා‘ කිව්වට පස්සෙයි. ලේඛිකාව පුදුමයට පත්වෙලා මම රසිකයන්ට ලිපි ලියලා නෑ මම ලියලා තියෙන්නේ රසිකාවියන්ට විතරයි කිව්වත් රසිකයා ඒක පිලිඅරන් නෑ. කොහොම හරි මේ රසිකයගේ නම කාන්තා නමකට සමාන නිසා මොහු මේ ලේඛිකාවට දිගින් දිගටම කාන්තාවක් වගේ ලිපි එවලා තියෙනවා.

පස්සේ ටික ටික මේ රසිකයා ලේඛිකාව එක්ක හිතවත් උනාට පස්සේ දවසක් ඔහු කියනවා, ‘මම ඔයාගේ ලේඛනයට වශී වෙලා ඉන්නේ. අපිට මුණ ගැහෙන්න බැරිද දවසක‘ කියලා. ඊට පස්සේ ලේඛිකාව මොහුට දොස් කියලා තියෙනවා ‘ඔයා කලේ රැවටීමක් අපිට මුණ ගැහිලා කතා කරන්න දෙයක් නෑ‘ කියලා. පස්සේ ඔහු කියනවා ‘මම අපරාදයක් කරා නෙමේනේ මම කලේ මගේ හිතේ තිබුනු දේ කියපු එක. ඒ විදිහට ලෝකේ ආදරයක් ඇති වෙන්න බැරිද‘ කියලා.

මේ ලේඛිකාව කොහොමවත් රසිකයගේ ඉල්ලීමට එකග වෙලා නෑ. අවසානයේ රසිකයා ඇයට කතා කරලා මෙහෙම කියලා තියෙනවා. ‘ ඔයාගේ කවිවල තියෙන සෞම්‍ය බව ඔයාගේ කතාවෙවත් හදවතේවත් නෑ. මතක තියාගන්න ඔයාගේ ලියවිල්ලට ආදරේ කරපු වගේම ඔයාට ආදරේ කරපු කෙනෙක් හිටිය වග. ලෝකේ මේ විදිහට නොහිතන තැන් වලත් ආදරේ උපදිනන් පුලුවන් තව ඉස්සරහට ඔබටම ඕක තේරෙයි‘

පස්සේ කවදාවත් මේ රසිකයා ලේඛිකාවට කතා කරලා නෑ. ඉතිං කලක් යනකම්ම මේ මතකය ලේඛිකාවගේ හිතේ තිබිලා. ඇයටම අවසානෙදි තේරිලා මොහු හොද හැදියාවක් තිබුනු අයෙක් බව. මේ කතාව මට කියද්දි මටත් හිතුනා මේ විදිහට ඒක පාර්ශවීය ප්‍රේමයන් ලෝකේ තියෙන බව. අපි ආදරය ගැන මොනතරම් දේවල් ලිව්වත් තව ආදරය ගැන ලියන්න දේවල් තියෙන බව මටත් තේරුනා. ඉතිං මෙන්න මේ සත්‍ය කතාව මුල් වෙලා තමයි මේ ගීතය ලියවුනේ.”

ගහක මල් පිපිලා ගීතය සමරිසි පෙමක් ගැන කියවෙන ගීතයක් බවට බොහෝ දෙනා අන්තර්ජාලයේ පවා ව්‍යාජ සටහන් තබා තිබුනත් මෙම ගීතයේ සත්‍ය කතාව තමයි මේ. මේකෙන් කියවෙන්නේ පිවිතුරු අප්‍රකාශිත පෙමක් ගැන මේක ගැන සමරිසි කතාවක් අන්තර්ජාලයේ පල උනාට පස්සේ මටත් දිගින් දිගටම ඇමතුම් ආවා. මට උනා ගීතයේ අරුත පැහැදිලි කරන්නත්. ගීතයක් ජනගත උනහම ඒක අයිති රසිකයන්ට. ඒ නිසා තමයි රසිකයෝ මේ ගැන මෙතරම් කතා කලේ. ඉතිං තවමත් හොද රසිකයන් පිරිසක් ඉන්න එක ගැන සතුටුයි.



from Gossip Lanka News & Video https://ift.tt/2Hzl923
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();