Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහේන්ද්‍ර සිං දෝනිට පද්ම භූෂන් සම්මානය

ඉන්දීය පිලේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි එරට සිවිල් වැසියාට පිරිනැමෙන තුන්වැනි ඉහළම සම්මානය වන පද්ම භූෂන් සම්මානයෙන් පිදුම් ලැබුවේය.

ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා අතින් දෝනි මේ සම්මානයට පාත්‍රවූ අතර එරට ක්‍රිකට් ක්‍රීඩකයකු පද්ම භූෂන් සම්මානය ලැබූ දෙවැනි අවස්ථාව ලෙස එය ඉතිහාසයට එක්විය. මීට පෙර ඉන්දීය පිලේ හිටපු නායකයකු වූ කපිල් දේව් මේ සම්මානය දිනාගත්තේය.

වසර 2008 සහ 2009 දී අඛණ්ඩව වසරේ හොඳම එක්දින ක්‍රීඩකයා ලෙස අයි.සී.සී. සම්මානයෙන් පිදුම් ලැබූ 36 හැවිරිදි දෝනි ඉන්දිය පිල වෙනුවෙන් එක්දින තරග 272කට ක්‍රීඩා කරමින් ලකුණු 9967ක් රැස් කිරීමට සමත්ව සිටී. ඊට ශතක 10ක් සහ අර්ධ ශතක 67ක් ඇතුළත්ය.

ඔහු මීට පෙර රජීව් ගාන්ධි රත්න සම්මානයෙන් සහ පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවේය. පද්ම ශ්‍රී සම්මානය එරට සිවිල් වැසියකුට ලබාගත හැකි ඉහළම සිවුවැනි සම්මානය ලෙස සැළකෙන අතර ඉහළම සම්මානය භාරත රත්න ලෙසත්, දෙවැනි ඉහළම සම්මානය පද්ම විභූෂන් සම්මානය ලෙසත් හඳුන්වනු ලබයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();