Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ක්‍රිස් ගේල්ගෙන් ශතකයක්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු ශතකය වාර්තා කරමින් ක්‍රිස් ගේල් දියත් කළ විශිෂ්ට පිති හරඹය හේතුවෙන් සන්රයිසස් හයිද්‍රබාද් පිල සමග පැවැති තරගයෙන් ලකුණු 15ක ජයක් අත්කර ගැනීමට කිංග්ස් ලෙවන් පන්ජාබ් පිල සමත් විය.

තරගාවලියේ 16 වැනි තරගය ලෙස මොහාලිහිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පන්ජාබ් පිල කඩුලු 3ක් දැවී ලකුණු 193ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය හයිද්‍රබාද් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 178ක් පමණි.

නායක කේන් විලියම්සන් ලකුණු 54ක් හා මනීෂ් පාන්ඩේ නොදැවී ලකුණු 57ක් සහ සකීබ් අල් හසන් හතරේ පහරක් හා හයේ පහර 2ක් සමගින් පන්දු 12කින් වේගවත් ලකුණු 24ක් රැස්කළද හයිද්‍රබාද් පිල ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූහ.

විලියම්ස් සහ පාණ්ඩේ තෙවැනි කඩුල්ලට පන්දු 56කින් ලකුණු 76ක් එක් කළහ. පන්දු 41ක් වැයවූ විලියම්සන්ගේ ඉනිම ටහතරේ පහර 3ක් හා හයේ පහර 2ක් ඇතුළත් වූ අතර පාණ්ඩේ හතරේ පහර 3ක් හා හයේ පහරක් එල්ල කළේ පන්දු 42කිනි.

පන්දු යැවීමේදී මෝහිත් ශර්මා සහ ඇන්ඩෘ ටයි කඩුලු 2 බැගින් දවා ගත්හ.පළමුව පන්දුවට පහරදුන් පන්ජාබ් පිල වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදුන් ක්‍රිස් ගේල් ඉනිම නිමාවනතුරු පිටියේ රැදෙමින් නොදැවී ලකුණු 104ක් රැස් කිරීමට සමත් විය. එය මෙවර තරගාවලියේ වාර්තා වූ පළමූ ශතකය මෙන්ම ගේල් අයි.පී.එල් තරග බිමේ වාර්තා කළ 6වැනි ශතකයයි.

පන්දු 63කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිම හයේ පහර 11කින් වර්ණවත් වූ අතර ඇතුළත් වූයේ එක් හතරේ පහරක් පමණි.

ඔහු පළමු කඩුල්ලට ලෝකේෂ් රාහුල් සමගින් ලකුණු 53ක් එක්කළ අතර තෙවැනි කඩුල්ලට කරුන් නායර් සමග එක්ව ගොඩනැගූ සබඳතාව ලකුණු 85කි.

නායර් පන්දු 21කින් ලකුණු 31ක් ඉනිමට එක් කළේය.

පන්ජාබ් - 193/3 (ඕවර 20) ක්‍රිස් ගේල් නොදැවී 104, කරුන් නායර් 31

හයිද්‍රාබාද් - 178/4 (ඕවර 20) මනීෂ් පාණ්ඩේ නොදැවී 57, කේන් විලියම්සන් 54, සකීබ් අල් හසන් නොදැවී 24 (ඇන්ඩෘ ටයි 23/2, මෝහිත් ශර්මා 51/2)

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();