යතුරුපැදි ධාවන තරග බිමේ පිට පිට වසර 2කි ජාතික ශූරයා වූ ඉෂාන් දසනායක හෙට (21) පැවැත්වෙන ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් තරග බිමේදී නව TVS යතුරුපැදියක් තරග කිරීමට නියමිතය.
ධාවන තරග සඳහා TVS ආයතනයේ අනුගහය මත එක්වන TVS රේසිං කණ්ඩායමේ සාමාජිකයකු වන ඉෂාන්ට මෙවර තරග වාරය සඳහා එම ආයතනය විසින් නිෂ්පාදිත නව මාදිලියේ ‘2018 RTR 250CC’ යතුරුපැදියක් ලබාදී තිබේ.
2013 වසරේ TVS සමග එක්වු ඉෂාන් පසුගියදා ඉදිරි දෙවසර සඳහා ද ගිවිසුම් අත්සන් කරන ලදි.
මෙහිදී අදහස් දැක්වූ ඉෂාන් පැවැසුවේ ‘2013 වසරේ සිට TVS Racing කණ්ඩායමත් එක්ක එකතු වෙලා මගේ උපරිම ශක්තිය සහ හැකියාවන් එක්ක ජයග්රහණයන් ලබාගැනීමට මට හැකිවෙලා තියනවා. දැන් යළිත් 2018 වර්ෂයේ දී ඉදිරි වර්ෂ දෙක වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරලයි තියෙන්නේ. මේ වසරේ ප්‍රධානතම අරමුණ තමයි මෝටර් සයිකල් ධාවන තරගවල ප්‍රමුඛතම තරගාවලිය වන ෆොක්ස්හිල් තරගයට එක්වීම. ඒ සඳහා මේ වෙනකොට ඉතාමත් හොඳ සුදානමකින් පසු වෙනවා. ඒ වගේම තව Asion Rouna සඳහා සහභාගී වීමටත් බලාපොරොත්තුවක් තියෙනවා. ඊට අමතරව ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරඟාවලි 10 කට ආසන්න ප්‍රමාණයක් සඳහා සහභාගී වෙන්නත් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ පැමිණි දුර පිටුපස තියෙන විශාලතම දායකත්වය TVS ලංකා ආයතනයයි. ඒ සඳහා ඔවුන්ගේ දායකත්වය මම විශේෂයෙන්ම අගය කරන්න ඕනි. මේ වන විට TVS නව පෙරළිකාර නව මාදිලියේ Motor bike එකක් ලබා දී තිබෙනවා. ඒ ඔවුන්ගේ 2018 TVS RTR 250CC නමින් වන සුපිරි නිර්මාණය.’
පසුගිය අවුරුදු කිහිපයේ පැවැති තරගවලදී ශූරයන් බවට පත්වීමට TVS Racing කණ්ඩායමට හැකිවුණා. මේ ආකාරයෙන් රටේ ජවසම්පන්න තාරුණ්‍යයට අතහිත දීමට හැකිවීම TVS ලංකා අපට විශාල ආඩම්බරයක්.
ඒ වගේම මම මෙහිදී යතුරුපැදි ධාවන ශූර TVS Racing කණ්ඩායම් සාමාජික ඉෂාන් දසනායක මහතාට සුබපැතුම් එක්කිරීමට කැමැතියි. ඒ නොකඩවා පසුගිය වසරවලදී TVS සමාගමේ සහයෝගයෙන් ලබාගත් ජයග්රහණයන් මෙන්ම TVS නව මාදිලිය වන ‘2018 RTR 250CC’ සමඟ මේ වසරේ පැවැත්වෙන යතුරුපැදි ධාවන තරඟයන්හිදී අද්වීතීය ජයග්‍රහණ සනිටුහන් කිරීමට සුබ පතනවා.’ TVS ලංකා සමාගමේ වර්තමාන ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා කියා සිටියේය.
0 Comments