මෙවර 2018 යල කන්නය සඳහා මහවැලි සී කලාපයේ ගොවි බිම්වලට වාරි ජලය නිකුත් කිරීම 25 දින දේශීය කෘෂි චාරිත්‍රානුකූලව සිදුකෙරේ. ජලය මුදා හරින්නේ උල්හිටිය රත්කිඳ මහවැලි මහ ජලාශයෙනි.
මහවැලි සී කලාපයේ වාරි ජලයෙන් වී වගා කෙරෙන බිම් ප්‍රමාණය හෙක්ටයාර් 22800ක් පමණ වේ. සක්‍රීය ගොවි සංවිධාන 196කි. මෙවර ජලය නිකුත් කරන්නේ 68 වැනි වගා කන්නය වෙනුවෙනි. මහවැලි කලාප අතුරින් ආරම්භ කළදා සිට
එක් කන්නයක්වත් අත නොහැරම වී වගා කළ එකම කලාපය ද මහවැලි සී කලාපයයි.
නේවාසික ව්‍යාපාර කළමනාකාර ඒ. වී. සී. විමල් කුමාර මහතා පැවැසූ පරිදි මේ යල කන්නයේ දී කුඹුරුවල බිම් ප්‍රමාණයෙන් 75%ක වී වගා කිරීමටත් 25%ක මුං, කවුපි, මෑ, සෝයා, බඩ ඉරිගු, එලවළු වර්ග වැනි අතිරේක බෝග වගා කිරීමටත් සෑම ගොවියෙක්ම දැනුවත් කර තිබේ. මෙවර මේ කලාපයේ අතිරේක භෝග වගාකිරීම තුළින් ආහාර භෝග වගා ව්‍යාප්ත කරවීමේ ජාතික වැඩසටහනට මහවැලි සී කලාපයෙන් දායකත්වය ලබාදීම ද අපේක්ෂාවයි. විදේශවලින් ආනයනය කරන ආහාර වර්ග බොහොමයක්ම මහවැලි කලාපයන්හි වගා කළ හැකි අතර, එමගින් විදෙස්වලට ඇදී යන විශාල මුදල් ප්‍රමාණය නවතා ගැනීමට ද හැකිවේ. එම වාසියෙන් කොටසක් මහවැලි ගොවියාට ලබා ගැනීමට අවස්ථාව උදාකර දීමද තවත් අපේක්ෂාවකි. මේ සඳහා 50% මහවැලි දායකත්වය මත අතිරේක භෝග බීජ ගොවීන්ට ලබාදීමට ද සූදානම් කර තිබේ.
තව ද හැකි සෑම විටම කාබනික පොහොර වර්ග භාවිතයටත් කෘෂි රසායනික භාවිතය අවම කොට වසෙන් විසෙන් තොර ආහාර නිෂ්පාදනයට ගොවීන්ව උනන්දු කරලීමේ වැඩ සටහනක් ද දියත් කොට ඇත.
ගිරාඳුරුකෝට්ටේ සමූහ
සෝමදාස සමර ගුණරත්න
0 Comments