තෙත් කලාපයේ බස්නාහිර,සබරගමුව හා දකුනු පලාතේ ඇතම් ප්‍රදේශ වල වනාන්තර වල සහ වනාන්තර ආශ්‍රිතව හමුවන මේ උඩවැඩියා විශේශයද අපිශාකයකි.විශාල ගස්වල අතුවලින් එල්ලා වැතෙන තුනී කඳන් වල කුඩා පත්‍ර හට ගනී.පත්‍ර හැලී ගිය පසු මේ කඳන් ව්‍යාජ බල්බ (pseudobulbs) ලෙසින් කටයුතු කරමින් පඳුරු ලෙස වර්ධනය වේ.මල් හට ගන්නේ මේ පරිනත කඳන් වලිනි.විශාල,රෝස පැහැති මේ මල්වල පෙති හයක් තිබෙන අතර පහලින් පිහිති පෙත්ත විශාල වී පැතලි නෞතලයක් වී තිබේ.මේ නෞතලයේ පැතලි හැඩය මේ ශාකය නිවැරදිව හඳුනා ගැනීමට තිබෙන ඉතාමත් හොඳ ලක්ශනයයි.
සාමාන්‍යයන් අප්‍රේල් හා විශේශයෙන් මැයි හෙවත් වෙසක් මාසයේ මල් හට ගැනීම මේ ශාකයට වෙසක් මල ලෙස නම් ලැබීමට හේතුව වී තිබේ.මේ පුශ්පයන් වෙසක් සමයේදී විශේශයෙන් පූජාකිරීමද අතීතයේ පටන් එම ප්‍රදේශවාසී බෞද්ධයන් අතර ප්‍රචලිත පුරුද්දක්ව පැවතුනි.අප කුඩා කාලයේදී වෙසක් සමයේදී පන්සල්වල පූජාකල වසක් මල් තිබීම සුලභ දසුනක් විය.
නමුත්,ජූලි සහ සැප්තැඹර් වැනි වෙනත් මාසවලදීද මේ ශාකයේ මල් හට ගැනීඉම් ම්විසින් දැක තිබේ.
වසක් මල් වඳවීමට ප්‍රධානම හේතුව නම් එහි ස්වභාවික ව්‍යාප්ත ප්‍රදේශවල සිදුවූ මෙන්ම තවමත් සිදු වන වනාන්තර විනාශයයි.තවද,අතීතයේදී මේ ශාහ පඳුරු ගලවා පාරවල් අසල විකිනීම සිදුවිය.ඇතමුන් වනාන්තරවල තිබෙන මේ ශාක ගෙවතුවල සාර්ථකව වගා කලද එසේ ගෙන එන බොහෝ ශාක විනාශ වේ.
1937දී වනසත්ව හා වෘක්ශලතා ආරක්ශා කිරීමේ ආඥා පනති මුල් වරට ආරක්ශාව ලද ශාකයන් අතුරින් එකක් වන වෙසක් මල තවමත් නිසි ලෙස ආරක්ශාකිරීමේ වැඩ පිලිවෙලක් නොමැත. එවන් වැඩ පිලිවලක කඩිනම් අවශ්‍යතාවය පෙන්වා දීම වසර ගනනාවක් පුරා සිදුකර තිබුනත් තවමත් ඒ ගැන නිසි අවධානයක් යොමු වී නැත.සබරගමු පලාතේ පලාත් පුශ්පය ලෙස වෙසක් මල නම් කර තිබුනත්,එම පලත් බලධාරීන් කිසිවෙකුගේ පවා අවධානය වසක් මල කෙරේ යොමු වී නැතිබව පෙනේ.
2012 ජාතික රතු දත්ත ලේඛනයට අනුව වඳවී යාමේ තර්ජනයට දැඩි ලෙස ලක්වූ කොටසට (Endangered)(EN) මේ ශාකය ඇතුලත්ව තිබේ.
මේ වෙසක් සමයේදී වෙසක් මල ගැන සඳහනක් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ මේ ශාකය සහ එය ගැන් විමිසිලිමත්වන ලෙස මෙන්ම එය රැක ගැනීමේ කාර්‍යාවලියක් ආරම්භ කිරීමේ කදිනම් අවශ්‍යතාවය අවධාරනය පිනිසත් වේ.
ජගත් ගුණවර්ධන


0 Comments