Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රාජ්‍ය වෙසක් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

2562 වැනි රාජ්‍ය වෙසක් මහෝත්සවය ආධ්‍යාත්මික සංවර්ධනයට මුල්තැන දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ බිංගිරිය දේවගිරි රාජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.

රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිති කරගනිමින් විශේෂ සමරු මුද්දරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ විහාරස්ථාන සහ දහම් පාසල් සංවර්ධනය සදහා අරමුදල් ප්‍රදානය සංකේතවත් කරමින් ලිපි පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය.

මහනුවර දළදා මාළිගාවේ දියවඩන නිළමේතුමාගේ අනුග්‍රාහකත්වයෙන් දිස්ත්‍රික්කයේ දහම් පාසල් දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානයක් ද සිදු කෙරුණු අතර එම අවස්ථාව සංකෙත්වත් කිරීමද ජනපතිවරයා අතින් සිදුවිය.

මේ අතර බිංගිරිය දේවගිරි රාජමහා විහාරයේ අභිනව පිවිසුම් දොරටුව අද විවෘත කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();