ශ්‍රීයාස් අයියර්ගේ (නොදැවී 93) විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 26 වැනි තරගය ලෙස දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර දිල්ලිහිදී ඊයේ පැවැති තරගයෙන් ලකුනු 55ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට දිල්ලි කණ්ඩායම සමත්විය.
ජයග‍්‍රහණය සදහා ලකුණු 220ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය කල්කටා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී රැස් කරගත හැකිවුයේ ලකුනු 164ක් පමණි.
ඇන්ඩ‍්‍ර රසල් හා සුම්බන් ගිල් එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64ක් සම්බන්ධතාවක් පවත්වමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණය සදහා රැගෙන යාමට උත්සාහ කළත් සුබ්මන් ගිල්ගේ අවාසනාවන්ත දුවද්දී දැවී යාම හේතුවෙන් එම උත්සාහය ව්‍යර්ථ විය.
ප‍්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ රසල් හයේ පහර 04ක් හා හතරේ පහර 03ක් සමගින් ලකුනු 44ක් රැුස් කළ අතර ගිල් එක් හයේ පහරක් හා හතරේ පහර 03ක් සමිග්න ලකුනු 37ක් රැස් කළේය.
ආරම්භක පිතිකරු සුනිල් නාරායන් වේගවත් ආරම්භකයක් ලබාගනිමින් පන්දු 09කදී හයේ පහර 03ක් හා එක් හතරේ පහරක් සමගින් ලකුනු 26ක් රැුස් කළේය.
පන්දු යැවීමේදී දිල්ලි කන්ඩායම වෙනුවෙන් ට්රෙන්ට් බොල්ට්, ග්ලෙන් මැක්ස්වෙල්, අවේශ් කාන් හා අමිත් මිශ්රා කඩුලු 02 බැගින් දවා ගැනිමට සමත්විය.
පළමුව පන්දුවට පහරදුන් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 219 ක් රැස්කිරීමට සමත්විය.
සෙමින් ඉනිම ඇරඹූ ශ්‍රීයාස් අයියර් නියමිත ඕවර සංඛ්‍යාව නිමාවන විට දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යමින් පන්දු 40 කදී හයේ පහර 10 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 93 ක් රැස්කළේය.
ශිවාම් මාවී විසින් යවන ලද අවසන් ඕවරයේදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 29 ක් උදුරා ගැනීමට ශ්‍රීයාස් අයියර් සමත්විය.
දෙවැනි කඩුල්ල සදහා ප්‍රිත්වී ෂෝ සමගින් පන්දු 42 කදී ලකුණු 68 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ශ්‍රීයාස් අයියර් සිවුවැනි කඩුල්ල සදහා ග්ලෙන් මැක්ස්වෙල් සමගින්ද එක්ව පන්දු 31 කදී ලකුණු 73 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීය.
සාර්ථක ආරම්භයක් ලබාදුන් ප්‍රිත්වී ෂෝ සහ කොලින් මුන්රෝ පන්දු 42 කදී ලකුණු 59 ක් සම්බන්ධතාවයක් ගොඩනැගූහ.
පන්දු 44 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 62 ක් රැස්කිරීමට ප්‍රිත්වී ෂෝ සමත්වූ අතර පන්දු 18 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 33 ක් රැස්කිරීමට කොලින් මුන්රෝ සමත්විය.
නායකත්වයෙන් ඉවත්වූ ගෞතම් ගාම්බීර් වෙනුවට දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම ශ්‍රීයාස් අයියර් විසින් මෙහෙයවනු ලබයි.
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකරමින් ටොම් කරන් වෙනුවට මිචෙල් ජොන්සන් කණ්ඩායමට කැඳවා ඇත. දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර ඇති අතර නායකත්වයෙන් ඉවත්වූ ගෞතම් ගාම්බීර්ට සහ ඩැනියල් ක්‍රිස්ටියන්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වූහ.
කාසියේ වාසිය දිනාගත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක ඩිනේෂ් කාර්තික් පළමුව පන්දුවට පහරදීම සදහා දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමට ආරාධනා කළේය.
from Gossip Lanka News & Video https://ift.tt/2HxBtB3
via internet

0 Comments