Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බිලියන ගණනක් වටිනා අන්තිම කැමති පත්‍ර විවෘත කිරීමට නියෝග

Author(s): 
රෝෂන් තුෂාර

දශක නවයකට ආසන්න කාලයක් මහා භාරකාරවරයාගේ සේප්පුවේ තබා තිබූ බිලියන ගණනක් වටිනා අන්තිම කැමිත පත්‍ර 254 ක මුද්‍රා (සීල්) ඉවත්කර අධිකරණය ඉදිරියේ විවෘත කරන ලෙස කොළඹ අතිරේක දිසා විනිසුරු චමත් මදනායක මහතා මහාභාරකාරවරයාට ඊයේ (23) නියෝග කළේය.

 දානපතියන් හා විවිධ තරාතිරමේ පුද්ගලයින් විසින් අන්තිම කැමති මගින් මහාභාරකාර දෙපාර්තමේන්තුවට තෑගි කළ ඉඩම්, මුදල්, දේපළ ඇතුළත් සීල් තබා තිබූ ලිපි කවර 254 ක් වත්මන් මහාභාරකාරවරයා විසින් ඊයේ (23) අධිකරණයට ඉදිරිපත් කළ අතර එසේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ නියෝගය කළේය.

කොළඹ දිසා අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා හා මහාභාරකාරවරයා ඉදිරියේ මුද්‍රා ඉවත්කිරීම සිදුකරන ලෙසද විනිසුරුවරයා නියෝග කළේය. එසේ විවෘත කිරීමෙන් අනතුරුව එහි පිටපත් අධිකරණයේ තැන්පත් කළ යුතු අතර මුල් පිටපත් ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා මහාභාරකාරවරයාට මැයි 28 දින අධිකරණ නියෝගයක් මගින් යළි ලබාදීමට කටයුතු කරන බව ද විනිසුරුවරයා දන්වා සිටියේය.

1931 වසරේ සිට 1992 වසර දක්වා මහාභාරකාර දෙපාර්තමේන්තුවට තෑගි කළ දේපළ ඇතුළත් අන්තිම කැමතිපත්‍ර 254ක් මෙතෙක් කිසිදා ක්‍රියාමාර්ගයක් නොගෙන මහාභාරකාර දෙපාර්තමේන්තුවේ තැන්පත් කර ඇති බවත්, ඒවා විවෘතකර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නීතිමය අවසරයක් ලබාදෙන ලෙසත් මහාභාරකාර සනත් වීරත්න මහතා මාර්තු 29 දින කළ ඉල්ලීමක් අනුව විනිසුරුවරයා ඊයේ (23) මෙම නියෝග නිකුත් කළේය. මෙම අන්තිම කැමතිපත්‍ර සම්බන්ධයෙන් අවසන් තීරකයා කොළඹ දිසා අධිකරණය බැවින් එම ඉල්ලීම කළේය. මහාභාරකාරවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඉක්ක්‍රම් මොහොමඩ් මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. නඩුවේ වැඩිදුර විභාගය මැයි 28 දින සිදු කිරීමට නියමිතය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();