Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රංගජීව - එමිල් යළි රිමාන්ඩ්

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් 27 දෙනෙකු මරණයට පත් වීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව සහ බන්ධනාගාර කොමසාරිස් වරයෙකු වන එමිල් රන්ජන් ළමාහේවා මැයි මස 08 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
 
අදාළ පැමිණිල්ල අද (24) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ කැඳවනු ලැබීය.
 
එහිදී රහස් පොලීසිය වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ මාධව තෙන්නකෝන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව අංශ දෙකක් ඔස්සේ පරීක්ෂණ සිදු කරන බව කියා සිටියේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();