Ticker

6/recent/ticker-posts

Header Ads Widget

“මුලතිව් දිස්ත්‍රික්කයට සිංහලයො එපා. වහාම පදිංචි කිරීම් නවතන්න” – උතුරේ සංවිධාන මහ පාරට..!

යාපනයේ කයිතඩි ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිස අනතුරුව ප්‍රධාන අමාත්‍යවරයාට ලිපියක්‌ද භාරදී තිබෙන බව වාර්තා වේ.

එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ මායාපුර නමින් අලුතින් සිංහල වැසියන් පදිංචි කෙරෙන ජනාවාසයද නායාරු, කෝකිලායි, බෝගස්‌වැව යන ප්‍රදේශවල දකුණේ සිංහල වැසියන් රැගෙන විත් පදිංචි කරවීමද වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසයි.

මෙලිසින් මුලතිවු දිස්ත්‍රික්කයේ පදිංචි කෙරෙන්නේ මින් පෙර උතුරු පදිංචිව නොසිටි සිංහල වැසියන් බවයි විරෝධතාකරුවන් පවසන්නේ.  මෙය හුදෙක්‌ම උතුරේ සිංහල දේශපාලන බලය වැඩි කරගැනීම පිණිස ගෙන යන දේශපාලනික වැඩපිළිවෙළක්‌ බවද ඔවුන් විසින් මහ ඇමතිට භාර දුන් ලිපියේ සඳහන් කොට තිබේ.

මේ සිංහල ජනාවාස ඇති කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කෙරෙන යෝජනාවක්‌ උතුරු පළාත් සභාවේද සම්මත වී ඇති බැවින් මුලතිව් දිස්‌ත්‍රික්‌කය ඇතුළුව උතුරේ සිංහල වැසියන් බලහත්කාරයෙන් පදිංචි කරවීම වහාම නතර කරන ලෙස ඉල්ලා තිබේ.

මීට අමතරව යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් හා දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් මැදිහත් වී කටයුතු කොට රජයෙන් විසඳුමක්‌ ලබාදෙන මෙන්ද විරෝධතාවට සහභාගි වූ පිරිස ප්‍රධාන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්‌ කොට තිබේ.

The post “මුලතිව් දිස්ත්‍රික්කයට සිංහලයො එපා. වහාම පදිංචි කිරීම් නවතන්න” – උතුරේ සංවිධාන මහ පාරට..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();