එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණේ සෙසු සාමාජික පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ රැස්වීමක් අද (02) පැවැත්වුණා. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීයි. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී කෙසේ ක්රියාකරන්නේදැයි ද මෙම රැස්වීමේදී සාකච්ජා වී තිඛෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම පැවසුවේ ඒ පිළිබද එකඟතාවකට එලැබීමටද එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මෙහිදී හැකි වූ බවයි. එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු අවුරුද්දට පෙර සිදුකරන බවයි.
මේ අතර දේශපාලන ආරංචි පැවසුවේ එක්සත් ජාතික පෙරමුණේ අද පැවති මෙම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ රැස්වීමට මන්ත්‍රිවරුන් 30 දෙනෙකුට ආසන්න පිරිසක් සහභාගී වී නොමැති බවයි.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස උදාගම්මානයක විවෘත කිරීමේ අවස්ථාවකට කොළඹින් පිටව ගොස් තිඛෙනවා. පාඨලී චම්පික රණවක, තලතා අතුකෝරල, නවීන් දිසානායක, රවුුෆ් හකීම්, සහ මනෝ ගනේෂන් යන අමාත්‍යවරුන්ද මෙම සාකච්ජාවට පැමිණ නොසිටි බවයි වාර්තා වන්නේ.
පාලිත රංගෙබණ්ඩාර, පාලිත තෙවරප්පෙරුම සහ දිලීප් වෙදආරච්චි ඇතුළු රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකුද මෙම සාකච්ජාවට පැමිණ නැහැ. රවී කරුණානායක, විජේදාස රාජපක්ෂ සහ බුද්ධික පතිරණ යන මන්ත්‍රිවරුන්ද සාකච්ජාවට සහභාගී නොවූවන් අතර වනවා. කෙසේ වෙතත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙම සාකච්ජාවට පැමිණ සිටි බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් පැවසුවේ.
The post එක්සත් ජාතික පෙරමුණේ රැස්වීමට නොපැමිණි මන්ත්‍රීවරු 30 දෙනා මෙන්න..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.
0 Comments