ලෝකෙන් ඇගැයීම් ලැබුවත් තවමත් උපන් රටෙන් අගැයීමක් නැති ආසියාවේ හොඳම පවුල් සෞඛ්‍ය සේවිකාව, ඇය ලලිතා පද්මිණීය. තම පා පැදියේ නැගී හමුදා මාර්ග බාධක ළඟ නතර වී තමාගේ අනන්‍යතාවය තහවුරු කර කොටි කටේ ගම්මානවල ඈ ඇවිද ගියාය. යුග දිවියට පිවිසි අලූතින් කැදලි හැදු බොහෝ පිිරිස් ඈට ඉලක්ක වූවාය. එලෙසම කිරි සුවඳ පැතිරියා වූ සෑම නිවසක් ළඟම ඇය නතර වූවාය. ඇගේ උපදෙස් මේ හැම කෙනකුටම නොඅඩුව ලැබුණු අතර ඒ සියල්ල හැම මවකටම බොහෝ සෙයින් උපකාර විය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හොඳම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ලෙසත් උතුරු මැද පළාතේ හොඳම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ලෙසත් තේරී ඉදිරියටම ආ ලලිතා, 2000-2006 එන්නත් ලබාදීම පිළිබඳව දිවයිනේ හොඳම සායන මෙහෙයවන්නිය ලෙසද පත් වූවාය. දරුවකුට එන්නතක් ලබා දීමේදී දරුවා හඬන විට ලලිතා පද්මිණී ඒ දරුවාට මවක වූවාය. මවට දරුවා සනසවා ගන්නට නොහැකි වූ විට ලලිතා පද්මිණී නම් වූ පවුල් සෞඛ්‍ය සේවා මිතුරිය දරුවා මවගෙන් තම දෝතට ගෙන නළවා සනසවාගන්නට තරම් නිහතමානී වූවාය.
from Gossip Lanka News & Video https://ift.tt/2q3CbdB
via internet
0 Comments