Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නොසන්සුන් තත්ත්වයක්

මෙම රුපියල් 10,000 මුදල ගුවන් තොටුපොළ සේවකයින් මෙන්ම, එහි නිලධාරීන් එක්ව දින ගනනාවක් සාකච්ඡා කර ගත් තීන්දුවක් බවද හෙතෙම පැවසීය.

මෙම ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම පසුගිය වසරේ රුපියල් බිලියන 11 ක ලාභයක් උපයා ඇති බවත් , සේවකයින්ගේ මෙම වැටුප් වැඩිකිරීම සඳහා වැය වන්නේ එයින් 0.98 ක ප්‍රමාණයක් බවත් මුහන්දිරම් මහතා පැවසීය.

මෙම වැටුප් වැඩි කිරීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය ආයතනය සතුව පවතින බවත්, එසේ තිබියදීත් විෂයභාර අමාත්‍යවරයාගේ ක්‍රියා කළාපය අසාධාරණ බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.

ඊට අමතරව කටුනායක ගුවන් තොටුපොළ නියෝජ්‍ය ආරක්ෂක මාර්ෂල් (විමර්ශන ) තනතුරෙහි නියැලී සිටින ද්‍රවිඩ ජාතික නිලධාරීවරයා , ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් පිටස්තර පුද්ගලයකු යොදවා , එහි භාණ්ඩ පිට කිරීම සම්බන්ධයෙන් මෙතෙක් ආයතනය කිසිදු පියවරක් නොගැනීම සහ ගුවන් තොටුපොළ සතු දුරස්ථ රථ ගාල් විෂයභාර අමාත්‍යවරයාගේ නෑදෑ හිතවතුන්ට උපක්‍රමශීලීව පැවරීමට එරෙහිවත් මෙම විරෝධතාව දියත් කරන බව මුහන්දිරම් මහතා පැවසීය.

මෙසේ තම ඉල්ලීම්වලට පාලක පක්ෂය යහපත් ප්‍රතිචාර දක්වන්නේ ද යන්න හෙට(03) දින පෙරවරු 9.00 තෙක් බලා සිටින බවත් , එසේ නොවුනහොත් තමන් එතැන සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යන බවත් මුහන්දිරම් මහතා සඳහන් කළා.

මෙම වැඩ වර්ජනය සඳහා කටුනායක , මත්තල , රත්මලාන ඇතුළු සියලුම අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ අත්තිඩිය සම්ප්‍රේෂණ හුවමාරු මධ්‍යස්ථානයේ මෙන්ම , පිදුරුතලාගල රේඩාර් මධ්‍යස්ථානයේ සේවකයින් ද ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වී මෙම වැඩ වර්ජනයට සහාය ලබා දීමට ඉදිරිපත් වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා .

1



from Gossip Lanka News & Video https://ift.tt/2GM5EmO
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();