Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හැත්තෑදෙකේ ව්‍යවස්ථාවෙන් පසු රැජනත් නෑ රාජාසන කතාත් නෑ

Author(s): 
සුභාෂීණී සේනානායක

ඇමැති දොස්තර රාජිත සේනාරත්න

රාජසන කතා (ත්‍රොන් ස්පීච්) පැවැත්වූයේ රටේ නායකයාව රැජින සිටි සමයේ යැයිද 1972 ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පසුව රැජිනත් නැහැ රාජාසන කතාත් නැහැ යැයි සොඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි.

එළඹෙන මැයි මස 8 දා රැස් වන නව පාර්ලිමේන්තු සැසිවාරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කරනු ලබන්නේ ඉදිරි වසර දෙකේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය බව ඇමැති සේනාරත්න මහතා අවධාරණය කර සිටී.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදු කරන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් ඡන්දයක් පැවැත්වීමේ අශ්‍යතාවක් මතු නොවන බවත් එතුමා 2015 වසරේ රජය ඉදිරියට ගෙනයන්නට මහා ජනවරමක් ලබා ගත් බවත් පෙන්වා දෙන සේනාරත්න මහතා ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ප්‍රකාශනය අමුතුවෙන් සම්මත කර ගැනිමේ අවශ්‍යතාවක් මතු නොවන බවද පෙන්වා දෙයි.

රජය පෙරළීමේ කුමන්ත්‍රණ විටින් විට සිදු කරන බවත් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංගය ඉන් එකක් බවත් පෙන්වා දුන් ඇමැති සේනාරත්න මහතා මේ දේශපාලන අඳබාලයන් ගෙන එන ඕනම දෙයක් පරාජයට පත් කිරිමට රජයට හැකියාවක් පවතින බවත් අවධාරණය කර සිටී.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();