Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දින සියයෙන් රටේ ආර්ථිකය ගොඩ නගන්න පුළුවන්

රවී කරුණානායක

දින සියයෙන් තමා රටේ ආර්ථිකය, ගොඩනගන බවත් , ඒ සඳහා දක්ෂ නිලධාරීන් පිරිසක් සමඟ එම අභියෝගයට මුහුණ දෙන බවත් රවී කරුණානායක මහතා අවධාරණය කරයි. කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20)පෙරවරුවේ, තොටළඟ එජාප කාර්යාලයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා උපකරණ බෙදාදීම වෙනුවෙන් උත්සවය සංවිධානය කර තිබුණි. උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නගන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් රවී කරුණානායක මහතා කියා සිටියේ, ආණ්ඩු වෙනස් වුණාට, දේශපාලකයන් පිටුපස යන නිලධාරීන් වෙනස් නොවීමේ ප්‍රතිඵලයක් ලෙස ආර්ථික ව්‍යාකූල තත්ත්වයන්ට රට මුහුණ දෙන බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මහතා,

‘අද රටේ ආර්ථිකය ගැන ජනතාව විවිධ අදහස් මතුකර තිබෙනවා. දක්ෂතා ඇති පුද්ගලයන් සඳහා නිසි තැනක් නොලැබීම නිසා, මෙම තත්ත්වය උත්සන්න වෙලා. ජනාධිපති තුමාත්, ගරු අගමැති තුමාත් රටේ ආර්ථිකය හදන්න දැඩි පරිශ්‍රමයක් දරන මොහොතක, ඒ ගමනට බාධා කරන දෙතුන් දෙනෙක් ඉන්නව. ඒක අපේ නායකයින් දෙපළ අවබෝධ කරගෙන ඇතිබව මම හිතනවා.‘ යැයිද වැඩිදුරටත් කීය.

මෙම අවස්ථාවට කොළඹ මහ නගර සභාවේ එජාප මන්ත්‍රී වරු පිරිසක් ද එක්ව සිටියහ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();