මහියංගනය - මාපාකඩවැව - 17 කණුව අසලදී වියානි ඇළට පෙරලුණු සුඛෝපභෝගී ජීප් රථයේ සිට අතුරුදන්ව සිටි උපකාරක පංති ගුරුවරයා අද මහියංගනය පොලිසියට භාර වී තිබේ.
බදුල්ල - මහියංගනය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ අදාළ සුඛෝපභෝගී ජීප් රථය පෙරේදා අලුයම වියානි ඇළට පෙරළිණ.
අනතුරුව එය ගොඩට ගනු ලැබීය.
පසුව හෙළිවුණේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි ප්‍රභාත් විතානගේ නමැති උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු විසින් එය පදවා ඇති බවයි.


0 Comments