Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආණ්ඩුවේ සිටින කෙනෙක් විශ්වාසභංගයට අත එසෙව්වොත් එය සිය දිවි නසා ගැනීමක්

ආණ්ඩුවේ ඉන්න කවුරුන් හෝ අප්‍රේල් 04 දා විශ්වාස භංගයට අත් ඔසවන්නේ නම් එය සියදිවි හානිකර ගැනීමක් වගේ යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. දිනමිණ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ එලෙස සියදිවි හානිකර ගැනීමට කැමැත්ත දක්වන අය සිටීනම් ඔවුන් නොපෙනෙන දුරකට ගොස් එසේ සිදුකර ගත්තාට කමක් නැති බව. “නැතිනම් අපටත් ඒවාට සාක්ෂි දෙන්න වෙනවා. මේ විශ්වාසභංගය ගේන්නේ ආණ්ඩුවට විරුද්ධවයි. මේකට ආණ්ඩුවෙ අය අත් ඔසවනවා නම් ඔවුන්ට මොළේ අමාරුවක් තිබිය යුතුයි.”

විශ්වාසභංගය ආණ්ඩුව හැටියට අපි නිවැරදිව කළමනාකරණය කරගත යුතුයි. අපි මේක නිවැරදිව හැසිරුවේ නැතිනම් රට මහා ඛේදවාචකයකට තල්ලු වෙනවා. ඒ ඛේදවාචකය ලංකා ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකය වෙයි. මේ වෙලාවෙ ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් හොඳ සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතුයි. 2015 අගෝස්තු මාසෙ මහජනතාව දුන් අනුමැතියක් තියෙනවා. මෛත්‍රී ජනපති රනිල් අගමැති ඒ අනුමැතිය කඩකරන්න ආණ්ඩුවෙ කිසිම මහජන නියෝජිතයෙකුට අයිතියක් නැහැ. මහජන නියෝජිතයන් එය කඩ කළොත් ලක්ෂ 62ක් වූ මහජනතාවගේ කැමැත්තට ද්‍රෝහී වීමක්. ඔවුන් තැබූ විශ්වාසය කඩකිරීමක්.” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

දුමින්ද සම්පත්

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();