විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කිරීමෙන් පසු ඒකාබද්ධ විපක්ෂයේ බෙදීම ප්‍රසිද්ධියේ එළියට පැමිණෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි. විශ්වාසභංග යෝජනාව ගැන පොහොට්ටුව මත දෙකක් දරන බවත්, එක් කණ්ඩායමක් විශ්වාසභංග මෙම යෝජනාව අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කිරීමක් යැයි පවසමින් බැනවදින බවත්,04 වෙනිදාට පසු එම කණ්ඩායම යෝජනාව ගෙනා කණ්ඩායමට විරුද්ධව විශාල විරෝධයක් දක්වනු ඇති බවත් ඒ මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මේ බව පැවැසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (2) පැවැති මාධ්‍ය හමුමේදී ය.
'උදය ගම්මන්පිල ඊයේ පෙරේදා කියලා තිබෙනවා විශ්වාසභංගය දිනුවත් දිනුම් පැරදුණත් දිනුම් කියලා. ඒ කියන්නේ ඒ අය දැන් සටන් පාඨය ඇතහැරලා තිබෙන්නේ. මේ අය 5 වෙනිදාට කියයි 'අපි දන්නවා මේ ප්‍රතිඵලය, ඒක අපි කලිනුත් කිව්වා' කියලා. මේ වගේ මතවාද හදන්න ඒ අය උත්සාහ දරයි. ඒ වගේම විශ්වාසභංග යෝජනාව ගැන පොහොට්ටුව මත දෙකක් දරනවා. සමහරු බනිනවා මේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කළේ කියලා. බලන්න 04 වෙනිදායින් පස්සේ මේ අය විශ්වාසභංගය ගෙනාව අයට විරුද්ධව විශාල විරෝධතාවයක් දක්වනවා. මේ බෙදීම 04 වෙනිදායින් පස්සේ ප්‍රසිද්ධියේ එළියට එනවා. ඒක තමයි ඇත්ත' යනුවෙන් ද ඒ මහතා සඳහන් කළේය.
සිතාරා සේනානි, චන්දිමා කරුණාරත්න
0 Comments