Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කාබූල් ප්‍රහාරයෙන් මිය ගිය ගණන 57දක්වා ඉහළට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට ඊයේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින් ගණන 57 දක්වා ඉහළ ගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත. එයින් තවත් 119 දෙනෙකු පිරිසක් තුවාල ලබා තිබේ.

කාබුල් නුවර පිහිටි ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිරිපිට බෝම්බය පුපුරා ගොස් තිබුණි.

අදාළ ප්‍රහාරය තලෙයිබාන් සංවිධානය විසින් සිදුකළ බවට ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ ප්‍රකාශ කළ ද තලෙයිබාන් සංවිධානය අදාළ චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත මැතිවරණයක් වෙනුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීම මෙම මස සිට ආරම්භ කර ඇති අතර එලෙස ලියාපදිංචි වීම සඳහා පැමිණි පිරිසක් ප්‍රහාරයෙන් මියගොස් ඇති බව වාර්තා වේ.

මිය ගිය පිරිස අතර කාන්තාවන් 21දෙනෙකු හා කුඩා දරුවන් පස්දෙනෙකු වන බව සදහන් ය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();