Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සිරිපා වන්දනාවට ලක්ෂ දෙකකට අධික පිරිසක්

ශ්‍රී පාද වන්දනා කිරීමට හැටන් මාර්ගය ඔස්සේ පමණක් ලක්ෂ දෙකකට ආසන්න වන්දනාකරුවන් පිරිසක් මේ වන විට පැමිණි බව, නල්ලතන්නිය පොලීසිය පවසයි.

රථ වාහන නල්ලතන්නිය සියලුම රථ ගාල්වල හා සෙසු වාහන නල්ලතන්නිය මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නල්ලතන්නිය රිකාටන් දක්වා මාර්ගය දෙසට ගාල් කිරීමට පහසුකම් සළසා තිබේ.

2017 – 2018 ශ්‍රී පාද වන්දාන වාරය මේ මස 29 වැනි දින වෙසක් පෝහෝ දිනයෙන් අවසන් වේ. ශ්‍රීපාද මළුවේ තැන්පත් කර තිබෙන සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාවන්, දේව ආභරණ මේ මස 30 වැනි දින ශ්‍රී පාද උඩමළුවේ සිට මාර්ග තුනක් ඔස්සේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරවීම සිදු කෙරේ.

අනතුරුව මැයි 01 වැනි දින එසේ වැඩම වූ සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාවන්, දේව ආභරණ විශේෂ පෙරහැරක් මගින් පැල්මඩුල්ල – ගල්පොත්තාවල රජය මහා විහාරස්ථානය දක්වා වැඩම කර ශ්‍රීපාද අවාරය අවසන් වන තෙක් එහි තැන්පත් කර තිබෙන බවෙ ශ්‍රී පාදස්ථානාධිපති සබරගමුව පළාතේ ප්‍රධාන සංඝ නායක සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති අති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියෝ කියා සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();