Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලෝකයේ වයස්ගතම පුද්ගලයා මියයයි

ලෝකයේ වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන ජපානයේ නබී ටජීමා මිය ගොස් තිබේ. ඇය මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 117 දීය.

ටජීමා ජපානයේ කිකායි නගරයේදී 1900 වසරේ අගෝස්තු මස 04 වන දින උපත ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා රක ඇත.

ගිනස් ලෝක වාර්තා පොතට වයස්ගතම පුද්ගලයා ලෙස ඇය එක් වුණේ පසුගිය වසරේ සැප්තැම්බර් 18වනදාය. ඒ මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූ ජැමෙයිකාවේ වයලට් බ්‍රවුන් මිය යාමෙන් පසුවය.

පසුගිය වසර වන විට ජපානය තුළ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයින් හැටහත්දහස් අටසිය විසි හතර දෙනෙකු ජීවත් වූ බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කර තිබේ.

නබී ටජීමා පසුගිය සෙනසුරාදා සවස ජපානයේ කිකායි නගරවේ පිහිටි මහ රෝහලේ දී මිය ගොස් ඇත. ඇය ජනවාරි මසයේ සිට රෝහල් ගතව ප්‍රතිකාර ලබා තිබේ.

මේ අතර ලොව වයස් ගතම පිරිම පුද්ගලයා ද වාර්තා වන්නේ ජපානයෙනි. මේවන විට 112වැනි වියෙහි පසුවන මසාඔ නොනකා ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා පොතට එක්ව තිබේ. ඔහු ජපානයේ හොකයිඩෝහි ජීවත් වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();