එජාප හිටපු උප නායක රවි කරුණානයක සමග එජාප මන්ත්‍රීවරුන් 40ක් එක්වී විශ්වාස භංගයේදී රනිල්ට පක්ෂ වීම හෝ පක්ෂ නොවන බව සාකච්චාවට බඳුන් කරන බව වාර්තා වෙනවා.
හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විශ්වාසභංග ඡන්ද විමසීමේදී හිටපු ඇමති රවි කරුනානායක මහතා ගන්නා ස්ථාවරයක් ගැනීමට එජාප මැති ඇමතිවරුන් 40කට ආසන්න පිරිසක් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
බැඳුම්කර ගිලටීනයට බෙල්ල දුන්නත්, එජාප නායකත්ව අර්බුදයේදී අගමැතිතුමන්ව රැක ගත්තත් නොසලකා හැරීම පෙන්වා දී ඇති කරුණානායක මහතා අගමැතිවරයාට දන්වා ඇත්තේ තමන්ට ප්‍රබල ඇමති ධුරයක් හ එජාපයේ නායක ධුරයක් අවශ්‍ය බවයි.
එමෙන්ම පක්ෂයේ සිය ආසන ජයග්‍රහණය සංවිධායකයන්ටත්, කැපවීම් කරන මන්ත්‍රීවරුන්ට තනතුරු ලබා දිය යුතු බවත් මන්ත්‍රීවරයා කොන්දේසි දමා ඇති බවයි වාර්තා වන්නේ.
මේ සියල්ල ලිඛිතව පොරොන්දු විය යුතු බවද සදහන් කර ඇති හිටපු ඇමතිවරයා එසේ සිදු නොවන්නේ නම් විශ්වාසභංග යෝජනාවේදී අගමැතිවරයාට පක්ෂව ඡුන්දය නොලැබෙනු ඇති බවද සදහන් කර ඇත.
The post රනිල්ගේ ඉරණම රවී අතේ..? – එජාප මන්ත්‍රීවරුන් 40ක් එක්වෙන ළකුනු.? (VIDEO) appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.
0 Comments