එජාප මන්ත්රීවරුන් 40ක් එක්වී විශ්වාස භංගයේදී රනිල්ට පක්ෂ වීම හෝ පක්ෂ නොවන බව සාකච්චාවට බඳුන් කරන බව වාර්තා වෙනවා.
හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විශ්වාසභංග ඡන්ද විමසීමේදී පක්ෂයට හිතවාදී තීරණයක් ගැනීමට එජාප මැති ඇමතිවරුන් 40කට ආසන්න පිරිසක් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර එජාප නායකත්වය රැක ගැනීමේ අරමුණින් මලික් සමරවික්රම විසින් අලුතින් උප නායකකම් සහ එක්සත් ජාතික පක්ශයේ විවිධ තනතුරු අලුතින් ස්ථාපනය කරමින් ටෙලිෆෝන් කෝල් දිදි ඇමති වරුන් බා ගැනීමක් ගැනද වාර්තා වෙනවා.
එමෙන්ම පක්ෂයේ සිය ආසන ජයග්රහණය සංවිධායකයන්ටත්, කැපවීම් කරන මන්ත්රීවරුන්ට තනතුරු ලබා දිය යුතු බවත් බහුතර මන්ත්රීවරුන්ගේ මතය වී ඇතැයි සඳහන්.
මේ සියල්ල ලිඛිතව පොරොන්දු විය යුතු බවද සදහන් කර ඇති හිටපු ඇමතිවරයා එසේ සිදු නොවන්නේ නම් විශ්වාසභංග යෝජනාවේදී අගමැතිවරයාට පක්ෂව ඡන්දය නොලැබෙනු ඇති බවද සදහන් කර ඇත.
The post විශ්වාසභංගය තාමත් කොට උඩ..? මන්ත්රීලා පක්ෂව, විපක්ෂව දෙපැත්තටම වැඩ..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.
0 Comments