Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගතවූ සති අන්තයේ ශ්‍රීපාද වන්දනාවට බැතිමතුන් ලක්ෂ 2ටත් වඩා

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව කාලය අවසන් වීමත් සමඟ ගත වු සති අන්තයේ ශ්‍රීපාදය වන්දනා කිරිමට හැටන් මාර්ගය ඔස්සේ පමණක් ලක්ෂ දෙකකට ආසන්න වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිසීය ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා කිය.

වන්දනකරුවන් පැමිණි වාහන නල්ලතන්නිය සියලුම රථගාල් වල ගාල් කිරීමෙන් පසු සෙසු ඒවා නල්ලතන්නිය මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නල්ලතන්නිය රිකාටන් දක්වා මාර්ගය දෙපස ගාල් කර තිබිණි.

මෙවර ශ්‍රී පාද වන්දනා වාරය මේ මස 29 වෙනි දිනට යෙදෙන වෙසක් පුන් පොහෝ දිනයෙන් අවසන් වීමට නියමිතය. ශ්‍රීපද මළුවේ තැන්පත් කර තිබෙන සාධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාවන් සහ දේව ආභරණ මේ මස 30 වෙනි දින ශ්‍රීපාද උඩමළුවේ සිට මාර්ග තුනක් ඔස්සේ රාජ්‍යය අනුග්‍රහය ඇතිව පැල්මඩුල්ල රජමහ විහාරස්ථානය දක්වා වැඩම කෙරෙනු ඇත.

පසු දින (01) දින සාධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාවන් සහ දේව ආභරණ විශේෂ පෙරහැරකින් පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහ විහාරස්ථනය දක්වා වැඩම කර ශ්‍රීපාද අවාරය අවසන් වන තෙක් එහි තැන්පත් කර තබන බව ශ්‍රීපාදස්ථානාධිපති සබරගමුව පළාතේ ප්‍රධාන සංඝ නායක හා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති අති පුජ්‍යය බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පැවසූහ.

අසේල කුරුළුවංශ 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();