Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ මුල් පුටුව ගාමිණීට

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ නව සභාපතිවරයා ලෙස ගාමිණී හප්පාවන මහතා නිතරගයෙන් තේරී පත්විය. දශක 4ක් පුරා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ සාමාජිකයකු ලෙස කටයුතු කරමින් සිටින ගාමිණී හප්පාවන මහතා සභාපතිධුරයට පත්වූයේ පසුගියදා එම ක්‍රීඩා සමාජයේ පැවැති නිලවරණයේදීය.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ නව ලේකම්වරයා ලෙස හිටපු ලේකම් යූසුෆ් ඛාන්, භාණ්ඩාගාරික ලෙස ප්‍රසන්න එම්. ජයවර්ධන, උපසභාපතිවරුන් ලෙස අසංග ආර්.වික්‍රමසිංහ, උපුල් රාජපක්ෂ සහ විජිත වික්‍රමසේකර, උපලේකම් ලෙස සුරේෂ් ද සිල්වා, උපභාණ්ඩාගාරික ලෙස ඩබ්.ඩී.එස්.සේනාරත්න මහත්වරුන් ද නිතරගයෙන් පත්වීම කැපී පෙනේ.

ජේ.සුදර්ශන් (Bar Secretary), චන්න ජයසිංහ (Ground Secretary), ජනක කළුහන්දිවල (Cricket Secretary), මොහාන් ගුණදාස (Social Secretary), ජයන්ත ගුණසේකර (Pavilion Secretary) මහත්වරු අතිරේක ලේකම්වරුන් ලෙස නිතරගයෙන් පත්වූහ. ටී.ජී.සුනිල් වික්‍රම, සුමිත් ෆොන්සේකා, එස්.ජී.වොට්සන්, සුදත් ලියනසූරිය, තිලක් පෙරේරා, ජෙරොම් විජේරත්න, සනත් කැටපේආරච්චි, ලසන්ත පෙරේරා, නල්ලයියා දේවරාජන් සහ සිදත් වෛද්‍යසේකර මහත්වරු නව කමිටු සාමාජිකයන් ලෙස තේරී පත්වූයේ ද නිතරගයෙනි.

- ෆවුස් 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();