Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පල්ලේකැලේ පිටියට බඹරු ඇවිත්

පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ මාධ්‍යය කුටියේ හා ප්‍රේක්ෂකාගාරයක බඹර වද පහක් බැඳ තිබීම හේතුවෙන් ක්‍රීඩකයන්ට හා ප්‍රේක්ෂකයන්ට බඹරුන් විදීමේ අවධානමක් මතුව තිබේ.

මේ ක්‍රීඩාංගණයේ මාධ්‍ය කුටිය ඇති ගොඩනැගිල්ලේ බඹර වද තුනක්ද ප්‍රේක්ෂකාගාරයේ බඹර වද දෙකක්ද බැඳ තිබෙන බව එහි සේවකයෝ පවසති.

අන්තර් පාසල් අතර මහා ක්‍රිකට් තරඟ රැසක් මේ දිනවල පල්ලේකැලේ ක්‍රීඩංගණයේ පැවැත්වෙන අතර ක්‍රීඩාංගණය හරහා ඇතැම් විට බඹරුන් ඉගිලයාම නිසා තරග නතර කිරීමට සිදුවන අවස්ථාද වාර්තා වී තිබේ. අධික සූර්ය රශ්මිය හා ප්‍රේක්ෂකයන්ගේ ඝෝෂාව හේතුවෙන් බඹරුන් ඇවිස්සීමේ වැඩි ඉඩක් පවතින බව පරිසරවේදීහූ පවසති.

මේ දක්වා පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී බඹර ප්‍රහාරයක් එල්ල වී නොමැති අතර බලධාරීන් බලා සිටින්නේ එවැනි ප්‍රහාරයකින් පසු බඹර කූඩු ඉවත් කිරීමටද යන්න සැක සහිතය. වර්ෂ 2009 දී විවෘත කරන ලද පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණය තුළ ප්‍රේක්ෂකයන් 35000 කට එකවර තරග නැරඹීමේ පහසුකම් ඇත.

අසේල කුරුළුවංශ 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();