මහනුවර ඇති වූ ගැටුම් නිසා සිදු වූ දේපළ හානිවලට වන්දි ගෙවීමට අමාත්‍යාංශ හතරක් යෙදවීමට රජය තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව බුද්ධ ශාසන, තැපැල් සහ මුස්ලිම් කටයුතු , පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ මගින් වන්දි ගෙවීමේ කටයුතු ක්‍රියාත්මක වේ.
වන්දි ලබා දීමේ ජංගම සේවාවක් අද (16) මහනුවර දිසාපති කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඉතා කෙටි කාලයක් තුළ වන්දි ගෙවීම් අවසන් කරන ලෙසත් ආගමික සිද්ධස්ථාන සඳහා වන්දි ලබා දීමට ප්‍රමුඛස්ථානය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ. බෞද්ධ සහ මුස්ලිම් සිද්ධස්ථානවලට සිදු වූ හානි වෙනුවෙන් පිළියම් යෙදීම බුද්ධ ශාසන සහ මුස්ලිම් කටයුතු අමාත්‍යාංශ හරහාද සාමාන්‍ය ජනතාවගේ දේපොලවලට සිදු වු හානිය පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය හරහාද ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් පොදුවේ සියළු අලාභ හානි අධීක්ෂණය කර වන්දි ගෙවීමට නියමිතය. මහනුවර සිද්ධියෙන් සම්පූර්ණයෙන් හානි සිදු වූ දේපොල මාස හතරක් ඇතුළත සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරන ලෙස අගමැතිවරයා උපදෙස් දී තිබේ.
0 Comments