Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඊලාම් බැංකුවක පාස් පොත් තොගයක් කිළිනොච්චියේ වළකින් හමු වෙයි

Author(s): 
වව්නියාව උතුර සමූහ බන්දුල සෙනෙවිරත්න

කිළිනොච්චි ජනතාවට රුපියල් කෝටි ගණනක් අහිමි කළ ඊලාම් බැංකුවක පාස් පොත් තොගයක් කිළිනොච්චියේ වළකින් මතු වී තිබේ.

කිළිනොච්චියේ වැසියකු වැසිකිළි වළක් කැපීමට ගිය අවස්ථාවේ දී පොලිතීන් උරයක බහා වළලා තිබූ මෙම පාස් පොත් තොගය හමු වී ඇත.

කිළිනොච්චිය ඇතුළු උතුරු පළාතේ එල්.ටී.ටී.ඊ.සංවිධානය ඔවුන්ගේ ඊලාම් බැංකු පවත්වාගෙන ගිය කාලයේ දී එම බැංකු විවිධ ගිණුම් වර්ග හඳුන්වා දී තිබුණි. බාල වයස්කාර ගිණුම් සඳහා වැඩි පොලියක් ලැබුණු අතර උතුරේ රජයේ සේවකයන් මෙන්ම සෙසු පිරිස්ද එකල බාලවයස්කාර ගිණුම් විශාල සංඛ්‍යාවක් පවත්වාගෙන ගියහ.

මීට අමතරව ස්ථිර ගිණුම්, ධන යෝජන ගිණුම් ආදී වශයෙන් ගිණුම් ද කාන්තාවන් හා පාසල් ළමයින් වෙණුවෙන් තවත් විශේෂ ගිණුම් ද එම බංකුවල පවත්වාගෙන ගිය අතර උතුරේ වැසියන් එම ගිණුම්වල ආයෝජනය කරණ ලද මුදල් සියල්ලම අපතේ යන ලදී.

යුද්ධය හමාර වීමත් සමගම ඊලාම් බැංකුද අහෝසි වූ අතර එම ගිණුම්ද පලක් නොමැති ගිණුම් බවට පත්විණි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();