ඒකාබද්ධ විපක්ෂයෙන් අගමැතිවරයාට ගෙන එන්නට යන විශ්වාසභංගයට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු මන්ත්රීවරයෙකුගෙන් කිසිදුසහයක් නොලැබෙන බව ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී කාවින්ද ජයවර්ධන මහතා පැවැසීය.
මෙම විශ්වාස භංගය පුස් වෙඩිල්ලක් බවත් එම පුස් වෙඩිල්ල මෝටාර් උණ්ඩයක් බවට පත් කර නැවත ඒකාබද්ධ කල්ලිය දෙසටම යොමු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය මගබලාගෙන සිටින බවද ජයවර්ධන මහතා සඳහන් කළේය. ඕනෑම අභියෝගයක් භාර ගෙන කොන්ද කෙළින් තබාගෙන වැඩ කරන්නට පක්ෂය ශක්තිමත් බවද මන්ත්රිවරයා පැවැසීය. ඒකාබද්ධ කල්ලියේ දුෂණ වංචා වලට සම්බන්ධ පිරිස් කවුදැයි ඉතා හොඳින් හඳුනාගෙන සිටින අතර එම පුද්ගලයන්ට එරෙහිව විධිමත් අයුරින් විශ්වාස භංග ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද කාවින්ද ජයවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
0 Comments