Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉදිරි දෙසතියේ එජාපයේ කැපී පෙනෙන වෙනසක්

Author(s): 
ශිරෝමි අබයසිංහ

එක්සත් ජාතික පක්ෂයේ කැපී‍ පෙනෙන වෙනසක් සිදු කරමින් පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධානයක් ඉදිරි සති දෙක ඇතුළත සිදු කිරිමට එම පක්ෂය තීරණය කර තිබේ.

පක්‍ෂ ප්‍රති සංවිධානයේදී එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් ධුරය සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කිරීමටත් නියෝජ්‍ය මහලේකම් ධුරය සඳහා අලුත්ම මුහුණක් ඉදිරිපත් කිරීමටත් තීරණය වී තිබෙන බව එක්සත් ජාතික පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව දුන් රතු එළිය තේරුම් ගෙන 2020 මැතිවරණ එක්සත් ජාතික පක්ෂයට ජයගත හැකි පසුබිම සකස් කිරීම සඳහා මෙම ප්‍රතිසංවිධානය කරන බවද පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා නිර්දේශ ලබා ගැනීමට පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් පත් කෙරුණු කමිටු තුනේ අදහස්ද මෙම පුර්ණ ප්‍රතිසංවිධානයේදී සලකා බැලේ. එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ,ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටු තුන පත් කෙරුණු අතර මෙම කමිටු වල නිර්දේශ මෙන්ම පක්ෂයේ බිම් මට්ටමේ අදහස්ද පක්ෂ ප්‍රතිසංවිධානයේදී සැලකිල්ලට ගන්නා බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා පැවසීය.

පළාත් පාලන මැතිවරණය අවසන් වූ පසු ප්‍රතිසංවිධාන කටයුතු සිදු කිරීමට තීරණය වී තිබුණද පසුගිය දින වල මහනුවර ප්‍රදේශයේ ඇති වු නොසන්සුන්කාරී තත්වය නිසා එම කටයුතු පමා වූ බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();