Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පේරාදෙණිය විශ්වවිද්‍යලයේ උපකුලපති මහාචාර්ය උපුල්

පේරාදෙණිය විශ්වවිද්‍යලයේ උපකුලපතිවරයා ලෙස හිටපු උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා නැවත තේරී පත් වී ඇත.

ඉකුත් (16) දා පැවැති විශ්වවිද්‍යාලයීය කවුන්සිල රැස්වීමේ දී නව උපකුලපතිවරයා තොරා ගැනීමේ ඡන්ද විමසීමෙන් වැඩිම ඡන්ද සංඛ්‍යාවක් (23)ක් හිමිවූයේ මහාචාර්ය උපුල් බී. දිසානායක මහතාට වේ. මෙම ඡන්ද විමසීමේ දී මහාචාර්ය සරත් ද ධර්මරත්න මහතාට ඡන්ද 7 ක් හිමි වී ඇති අතර මහාචාර්ය අතුල සෙනාරත්න මහතාට ඡන්ද 6 ක් හිමිව තිබේ.

වර්ථමාන උපකුලපතිවරයාගේ ධූර කාලය ලබන ජුලි 31 වන දින අවසන් වීමට නියමිත අතර ඉන් අනතුරුව නැවතත් වසර තුනක ධූර කාලයක් සඳහා උපකුලපතිවරයා පත්වේ.

මැයි මාසයේ පැවැත්වීමට නියමිත ඊළඟ කවුන්සිලයේ රැස්වීමේ දී මෙම මැතිවරණ ප්‍රතිඵලය අනුමත කරනු ඇත.

මැයි මාසයේ දී කවුන්සිලය විසින් ප්‍රතිඵලය සනාථ කරනු ලැබීමෙන් අනතුරුව අවසන් තීරණය සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඉදිරිපත් කරනු ඇත.

ඉන් අනතුරුව උපකුලපතිවරයාගේ පත්වීම ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබේ.

සුභාෂිණී සේනානායක

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();