Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තැන තැන කුණු දාන අය ඇල්ලීමට හමුදා-පොලිස් සහාය

අක්‍රමවත්ව නගරය තුළ කුණු බැහැර කරන පුද්ගලයන් අල්ලා ගැනීමට කොළඹ මහ නගර සභාව පොලිසියේ සහ හමුදාවේ සහය ඉල්ලා ඇත. එසේ අක්‍රමවත් කුණු බැහැර කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ප්‍රකාශ කරන කොළඹ මහ නගර සභාවේ වැඩබලන කොමසාරිස් ඉංජිනේරු ලලිත් වික්‍රමරත්න මහතා අද (19) දිනයේ සිට වෙන් නොකරන ලද කුණු එකතු කිරීමෙන් වළකින බව කියා සිටියේය.

කොළඹ මහ නගර සභාවේ මෙන්ම රට තුළ නිවැරැදි සාර්ථක කසළ කළමනාකරණයක් සිදුකිරීමට නම් ජනතාවගේ ආකල්පවල වෙනසක් අවශ්‍ය බවද ඔහු පැවැසීය. ක්‍රමානුකූලව වෙන්කරන ලද කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැති බවත් ඒවා කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන අංගණවලට හෝ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිවලට යොමුකරන බවත් කියා සිටී.

ගැටලුව පවතින්නේ වෙන් නොකරන ලද කුණු සම්බන්ධවය. පසුගිය දින කිහිපය තුළ මරදාන, මාලිගාවත්ත, බොරැල්ල, දෙමටගොඩ සහ කොම්පඤ්ඤවීදිය ආශ්‍රිත ප්‍රදේශවල කසළ එකතු වී තිබෙන ආකාරය ඔබ දකින්නට ඇත. ඒ ප්‍රදේශවල බොහෝඅය කුණු නිවැරැදිව බෙදා බැහැර කරන්නේ නැහැ. එලෙස දිරන සහ නොදිරන වශයෙන් කසළ බෙදා වෙන් කිරීම අපහසු යැයි කීම සාධාරණ නැහැ.”

මේ කසළ ගැටලුවට හේතු වී තිබෙන්නේ නොදැනුවත්භාවය නිසා නොවෙයි. අවශ්‍යතාවක් නොමැතිකමයි. මේවායේ අනිටු ප්‍රතිඵල විඳීමට සිදුවන්නේ මහජනතාවට බවද වැඩබලන නාගරික කොමසාරිස්වරයා පැවැසීය.

අමාලි මල්ලවආරච්චි

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();