පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සහාය ලබාදුන්නාට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් ජාතික හෙළ උරුම මන්ත්‍රීවරුන්ට තර්ජන කර තිබෙන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසීය.
පොහොට්ටුව හදන්න උත්සාහ කරන ශ්‍රී ලංකාව මොරටුව නගර සභාවේ මුල් සභාවාරයේදීම පෙන්නුම් කළ බව වර්ණසිංහ මහතා පෙන්වා දුන්නේය.
ජාති හෙළ උරුම මධ්‍යස්ථානයේ ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එසේ කී මන්ත්‍රීවරයා පොහොට්ටු පක්ෂයේ සභාපතිවරයා මේ නොහොබිනාකම් කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග මොනවාද කියා ප්‍රශ්න කෙළේය. පොහොට්ටු පක්ෂයේ පළාත් පාලන ආයතන සභිකයින් කරන සියලු වරදවලට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන අයත් වගකිව යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මෙසේද කීය.
අපේ පක්ෂයේ මන්ත්‍රීතුමාට පොදුජන පෙරමුණේ නායකයින් තර්ජනය කර තිබෙනවා. මෙය හෙළාදකිනවා. මොරටුව නගරසාභවට පත්වූ අපේ මන්ත්‍රීවරයාට හා ඔහුගේ සොයුරියට පහරදී තිබෙනවා. මෙයින් පෙනෙන්නේ පොහොට්ටුව විකසිත වෙලා භිෂනය ආරම්බ වෙලා. මැතිවරණය ජයගෙන දවස් දෙකක් ගත වීමෙන් පසුව මේ ක්‍රියාකාරම් ආරම්භ වී තිබෙනවා. බොරලැස්ගමුව, කඩුවෙල ඇතුළු තවත් පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන්ට මෙලෙස තර්ජනය කර තිබෙනවා. චම්පික ඇමැතිවරයාගේ සියළු නාමපුවරු කඩල බිදලා විනාශ කළා. කළුතර දිස්ත්‍රිකයේත් මෙවැනි තත්ත්වයක් තිබුණා. මොරටුව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකුට තමයි මෙලෙස පහර දී තිබෙන්නේ. බෞද්ධ ප්රතිපදාවන්තුළ සිටිමිනුයි එතුමා ජිවිතය ගත කරන්නේ. ඔහු මැරයෙක් නොවෙයි. මොරටුව නගර සභාවේ බහුතර බලය හිමිකර ගත්තේ පොහොට්ටුවයි. එහි නගරාධිපති ලෙස පොහොට්ටුවෙන් දිවුරුම් දුන්නා. සමන් ලාල් කියන පුද්ගලයානගරාධිපති තනතුරේ දිවුරුම් දමෙන් පසුව අපේ මන්ත්‍රීවරයා සුබපැතුවා. එතුමා සුබ පැතු නිසා එජනිස මන්ත්‍රීවරුත් සුබ පැතුවා. එසේ තිබියදී තමයි ඔවුන් ප්‍රහාර එල්ල කෙළේ. පොහොට්ටුව ජයග්‍රහණය සමරන ආකාරය එයයි. පොහොට්ටුවේ සැබෑ ක්‍රියාකලාපය පැහැදිලි වුණා. පොලිසියට දැනුම් දුන්නත් පොලිසියට එන්න පැය එකහමාරකට වැඩි කාලයක් ගත වුණා. මේ පෙන්නුම් කරන්නේ අනාගතයේදී මේ අය හදන්න හදන ශ්‍රී ලංකාව පිළිබඳ මොරටුව නගර සභාවේ මංගල දිනයේදී පෙන්නුම් කළා. බැසිල් රජපක්ෂ මහින්ද රාජපක්ෂ මේ සඳහා වගකිව යුතුයි. පළාත් පාලන ආයතනවල පළමුවෙන්ම පත්වූ මන්ත්‍රීවරුන්ට පළමු මාධ්‍ය හමුවකදී කියන්න වෙලා තිබෙන්නේ පහරදීම් ගැනයි. රාජපක්ෂවාදීන් මේ රට ගෙනයන්න උත්සාහ කරන්නේ කොහාටද කියා අප අසනවා. වොයිස්කට් දේශපාලනයෙන් මේ රටේ නිදහස ප්රජාතන්ත්රවාදයට බලපෑම් කරලා අශෝභන තැනකට මේ රට ගෙන යන්න උත්සාහ කරනවා. සමන් ලාල් නගරාධිපතිවරයාගේ ගෝලයකුවන වසන්ත නමැත්තා කළ පහරදීම්වලට අදාළ නීතිය ක්‍රියාත්මක කරන්න කියා අප ඉල්ලා සිටිනවා.
0 Comments