මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩා මාධ්‍යවේදියකු වූ සුනිල් අභයවර්ධන මහතා අභාවප්‍රාප්ත විය. කෙටි කලක් රෝගාතූරවී සිටි ඒ මහතා කළුබෝවිල මහ රෝහලේදී ඊයේ (26) අභාවප්‍රාප්ත වනවිට 69 හැවිරිදි වියේ පසුවිය.
60 දශකයේ මුල් භාගයේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වත්තල ප්‍රාදේශීය වාර්තාකරු ලෙස සිය මාධ්‍ය වෘත්තිය ආරම්භ කළ සුනිල් අභයවර්ධන මහතා 80 දශකයේ මුල් භාගයේදී එවකට ටයිම්ස් ඔෆ් සිලෝන් ආයතනයේ ලංකාදීප පුවත්පතේ ක්‍රීඩා වාර්තාකරුවකු ලෙස පුවත්පත් කලාවට එක්විය. අනතුරුව දිවයින පුවත්පතේ කොළඹ ක්‍රීඩා වාර්තාකරු ලෙස කටයුතු කළේය.
ඒ මහතා පූර්ණකාලීනව ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවය කළ අතර විශ්‍රාම යනවිට මට්ටක්කුලිය ඩිපෝවට අනුයුක්තව සේවය කරමින් සිටියේය. අනතුරුව ලේක් හවුස් ආයතනයේ ක්‍රීඩා සඟරාවේ මාධ්‍යවේදියකු ලෙස පූර්ණ කාලීනව සේවයට එක්විය.
පසුකාලීනව රිවිර පුවත්පතේ උපකර්තෘවරයකු ලෙසත්, ලක්බිම පුවත්පතේ ක්‍රීඩා මාධ්‍යවේදියකු ලෙසත් කටයුතු කළ සුනිල් අභයවර්ධන මහතා සිය මාධ්‍ය ජීවිතය තුළ විදෙස් ක්‍රීඩා තරගාවලි රැසක මාධ්‍ය ආවරණ කටයුතු සිදු කළේය.
ඒ මහතාගේ දේහය වත්තල, කෙරවලපිටිය, මාතාගොඩ පාරේ අංක 200/4 දරණ ඔහුගේ නිවසේ තැන්පත් කර ඇත.
0 Comments