Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඔස්ට්‍රේලියාව කැළඹෙයි

 ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා බවට පත්වීම එරට අගමැතිවරයාට පසුව දෙවැනියට වැදගත්ම රාජකාරිය ලෙස සැලකේ. අගමැති ධූරයට වඩා ක්‍රිකට් නායකත්වය ගෞරවයක් බවට තර්ක කරන බොහෝ දෙනෙකුද වෙති. නායක ස්ටීවන් ස්මිත් වංචා කළ බව පමණක් නොව එය කළින් හිතාමතා සැලසුම් කර සිදුකළ දෙයක් බවට කළ ප්‍රකාශයෙන් ඔස්ට්‍රේලියාව අන්දමන්ද වී සිටින්නේ මේ නිසාවෙනි.

දකුණු අප්‍රිකාවට එරෙහිව තෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීම සඳහා සැලසුම් කළ බවට ස්ටීව් ස්මිත් පිළිගෙන ඇත්තේ ඔස්ට්‍රේලියානුවන් මවිත කරවමිණි. කේප්ටවුන්හිදී පෙරේදා පන්දුවේ හැඩය වෙනස් කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට් කහ පැහැති ඇලෙන ටේප් පටියක් භාවිතා කළේ ඒ සැලසුමට අනුවය.

ඔහුගේ මේ ක්‍රියාව කැමරාවට හසුවූ අතර සාක්කිය සැඟවීම පිණිස බැන්ක්‍රොෆ්ට් එය සිය කලිසම ඉදිරිපස ඇතුළට දමන අයුරු දිස්වන්නේ හාස්‍යජනක ජවනිකාවක් මෙනි.

හිටපු ශ්‍රේෂ්ට ටෙස්ට් ක්‍රීඩකයන්ගේ සිට ඔස්ට්‍රේලියානු ක්‍රීඩා කොමිසම දක්වා සියළු දෙනාත්, ජනතාවත් මේ ක්‍රියාව හෙළා දැක තිබෙන අතර තමා පුදුමයට හා දැඩි කලකිරීමකට පත්ව සිටින බව ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් ප්‍රකාශ කර තිබේ.

“ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම වංචාවකට සම්බන්ධව සිටින බව කොහෙත්ම අදහාගත නොහැකි දෙයකි“ යැයි ඔහු පවසයි.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිම්බුණු කොල පැහැති කැප් තොප්පිය පැළඳීම පූජනීය වෙයි. මේ ගෞරවය හිමිකර ගෙන සිටින්නේ පුද්ගලයන් 450 දෙනෙකු පමණි. මේ කීර්තියත් සමග වගකීමද එයි.

“එයට වංචා කිරීම ඔස්ට්‍රේලියානුවන් කරගෙන යනු ලබන ක්‍රියාවන්ගේ ජීව ගුණයට තරම් නොවන දෙයකි. ඔවුන් ප්‍රබල අයුරින් සටන් කරනවා. ප්‍රබලව ක්‍රීඩා කරනවා. නමුත් ඔවුන් වංචා කරන්නේ නැහැ“ යැයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ලෝලියෙකු කියා සිටියේය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();