ව්‍යාපාරික ප්‍රජාවට, සංචාරකයන්ට හා කුඩා පරිමාණයේ ව්‍යවසායකයන්ට සමාජ ජාල මාධ්‍ය වාරණය හේතුවෙන් සිදුවී ඇති අපහසුතාවයන් පිළිබඳ රජයේ අවධානය යොමුවී ඇති බැවින් කරුණු සලකා බලා මූලික පියවරක් ලෙස වයිබර් සමාජ ජාලය (viber) වෙත මෙතෙක් තාවකාලිකව සීමාකර තිබූ ප්‍රවේශය ඊයේ (13) මධ්‍යම රාත්‍රී සිට නැවත ලබාදීමට රජය තීරණය කර ඇත.
මේ පිළිබඳ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.
පසුගිය දිනවල රටේ ඇතැම් ප්‍රදේශවල කලහකාරී සිදුවීම් හටගත් අවස්ථාවේදී මහජනතාව අතර වෛරී සහ වර්ගවාදී ප්‍රකාශ පතුරුවා හැරීමට සහ යම් ප්රචණ්ඩ ක්‍රියා සංවිධානය කිරීමට ඇතැම් පාර්ශ්වයන් විසින් නීතිවිරෝධී ලෙස සමාජ මාධ්‍ය ජාල භාවිත කිරීම පාලනය කිරීම සඳහා, ඇතැම් සමාජ මාධ්‍ය මත තාවකාලික වාරණයක් පැනවීමට රජය විසින් කටයුතු කරන ලදී.
එම සමාජ මාධ්‍ය වාරණය පැනවීමෙන් අනතුරුව, කලහකාරී හැඟීම් සහ ප්රචණ්ඩත්වය වේගයෙන් පැතිරයාම සමනය වූ අතර, රටෙහි ආරක්ෂක තත්ත්වය නැවත යහපත් වෙමින් තිබෙන බව වාර්තා වී ඇත. එම මාධ්‍ය භාවිතා කරමින් සමාජ විරෝධී සහ නීතිවිරෝධී කටයුතුවලට සම්බන්ධ වූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ.
මෙහිදී විශේෂයෙන්ම, විදෙස්ගත ශ්‍රමිකයින් හට සිය නිවෙස් සමඟ සන්නිවේදනය කිරීමේදී මුහුණ දීමට සිදුවන අපහසුතාවන් ගැන රජය සානුකම්පිතව සලකා බලා ඇත. එමෙන් ම, ව්‍යාපාරික ප්‍රජාවටත් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ටත්, කුඩා පරිමාණ ව්‍යවසායකයින්ටත් මෙම වාරණය හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ සිදුවී ඇති අපහසුතාවන් පිළිබඳව ද රජයේ අවධානය යොමු වී ඇත. මෙම කරුණු සලකා බලා මූලික පියවරක් ලෙස වයිබර් සමාජ ජාලය (viber) වෙත මෙතෙක් තාවකාලිකව සීමා කර තිබූ ප්‍රවේශය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නැවත ලබා දීමට රජය තීරණය කර තිබේ.
0 Comments