Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විද්‍යානුකූල ලෙස අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවෙනවා

ජනපති ගේ ඉන්දියානු හා ජපන් සංචාරය අවසන් වූවායින් පසු විද්‍යානුකූල ලෙස අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවත් ඉදිරියේ දී සමාජ ජාලා වෙබ් අඩවි සඳහා බරපතළ තීන්දුවක් ගන්නා බවත් ධීවර ඇමැති හා මහවැලි රාජ්‍ය ඇමැති මහින්ද අමරවීර මහතා කියා සිටී.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් සංවිධානය කොට තිබූ මොරගහකන්ද ජලාශයට අනුබද්ධ ඉහළ ඇළ හැර ඇළ ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට 11 දින දහවල් එක්වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය නිරීක්ෂණ කටයුතු අවසන් කොට මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති කාර්යාලයේ දී නිලධාරීන් සමඟ සාකච්ඡාවක් ද පවත්වන්නට යෙදුණ හ.

මෙහිදී මහින්ද අමරවීර ඇමතිවරයා කියා සිටියේ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිහිනයක් බවත් එහි සාර්ථකත්වය ඉතා කඩිනමින් අවසන් කරමින් සිටින බවත් බොහෝ දුරට දැනට පවතින ප්‍රශ්න ගැටලු පිළිබඳව සොයා බලන ලෙස ජනාධිපතිවරයා තමන්ට දැනුම්දීම සිදු කළ බව ය.

මහින්ද අමරවීර ඇමැතිවරයා කියා සිටියේ ජනාධිපතිවරයා ඉන්දියාව සහ ජපන් සංචාරය අවසානයේ දිවයිනට පැමිණීමෙන් පසු විද්‍යානුකූලව ඇමැති මාරුවක් සිදු කරන බවත් විෂයානුබද්ධ දැනුමක් ඇතිව ඇමැතිවරුන් වෙත වීෂයන් වෙන්කර දීම සිදු කරන බවය. ඔළු ගෙඩි පමණක් මාරු කිරීමෙන් අමාත්‍ය මණ්ඩල මාරුව සිදු නොකොට විද්‍යානුකූලව පදනමක් මත ඇමැති මාරුව සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇතැයි ද හෙතෙම සඳහන් කෙළේය.

රජය විසින් ක්‍රියාත්මක කර ඇති සමාජ ජාලා වෙබ් අඩවි තාවකාලිකව අවහිර කිරීම පිළිබඳව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ බොහෝ දුරට පාර්ශ්ව දෙකකින් ඉල්ලීම් පවතින බවත් එක් පාර්ශ්වයක් සම්පූර්ණයෙන්ම මේ සමාජ වෙබ් අඩවි තහනම් කරන ලෙසත් අනෙක් පාර්ශ්වය පාලනයක් කරන ලෙසත් ඉල්ලා ඇති බව ය. සමාජ ජාලා වෙබ් අඩවි චීන රටේ තහනම් කොට ඇති බවද පෙන්වා දුන්නේය. ලංකාව තුළ බොහෝ දුරට නීති පැනවීමට හැකිවන පරිදි සමාජ ජාලා වෙබ් අඩවි ඉදිරියට ක්‍රියාත්මක කිරීම සිදු වුණු බව ද හෙතෙම අවධාරණය කළේය.

සමාජ ජාල වෙබ් අඩවි හරහා සහ මුහුණු පොත හරහා ජනාධිපතිවරයා ඇතුළු රටේ බහුතරයකට අපහාස වන අන්දමින් ක්‍රියාත්මක කිරීම සිදුවන බවත් බොහෝ දෙනාගේ චරිත ඝාතනය කිරීම් නිසා මේ තත්ත්වය ඉදිරියට මැඩ පැවැත්විය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය නීති අණපනත් සකසන බවද මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම මහින්ද අමරවීර ඇමැතිවරයා මේ අවස්ථාවේදී පැන නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් විදේශීය සහල් දේශීය සහල් බවට පත් කරමින් ඇතැම් ව්‍යාපාරිකයන් විශාල ලාභ ලබන ක්‍රියාවලියත් පිළිබඳව ද හෙළිදරව් කළේය.

මෙහිදී ඇමතිවරයා කියා සිටියේ විදේශ රටවලින් ගෙන්වන සහල් කන්ටේනර් පිටින් ව්‍යාපාරිකයන් විසින් කොළඹදී මිලදීගෙන ඒවා ඔවුන්ගේ මෝල්වලට රැගෙන ගොස් දේශීය සහල් බවට පත් කොට වෙනම ඇසුරු කොට වැඩි මිලකට ජනතාවට අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවය. මේ හේතුව නිසාවෙන් විශාල වශයෙන් ජනතාවට වැඩි මිලට සහල් පරිභෝජනය කිරීමට සිදුවන බවද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

කර්මාන්ත නියෝජ්‍ය ඇමැති නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා , මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනි කවිරත්න මහත්මිය මෙන්ම ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මොරගහකන්ද ව්‍යාපෘති කාර්යාල නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

සිගිරිය විශේෂ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();