Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ෆේස්බුක් අවහිර කිරීම ගැන රජය ඉක්මන් තීරණයක් ගත යුතුයි

සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීම මගින් මාධ්‍ය වාරණයක් සිදුව ඇති බව වෘත්තිය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු ‍ප්‍රෙඩී ගමගේ මහතා පවසයි. පැය 72 කට පමණක් යැයි සලකා සිදු කරන ලද මෙම අවහිරතාවය තවදුරටත් නොගෙන යා යුතු බවත් රජය මේ සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් තීන්දුවක් ගත යුතු බවත් ඒ මහතා පැවසුවේය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (13) මරදාන සී. එස්. ආර්. හි දී සංවිධානය කර තිබූ වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ලයික් ප්‍රමාණය කෝටි 12ක් පමණ, ශකිරාගේ කෝටි 10ක්, බොබ්මාර්ලිගේ කෝටි 7ක් පමණ තියෙනවා. මේ වගේ විශාල ලයික් ප්‍රමාණයක් තියෙන අයගේ ෆේස්බුක් පාලනය කරන්නත් වෙනම කණ්ඩායමක් නැතිව අපේ මිලියන 5, 6 ක් ඉන්න කණ්ඩායම් පාලනය කරන්න මෙවැනි ක්‍රියා යුතු ද යන්න හිතන්න අමාරුයි.

දෙවැනි කාරණය තමයි චීනයේ වගේ ‍ෆේස්බුක් එකක් හදන්න පුළුවන්ද කියන කාරණය. චීනය වගේ අතිවිශාල ජනගහනයක් සිටින රටකට එහෙම කරන්න පුළුවන්. නමුත් කෝටි 2.2ක පමණ ජනගහනයක් සිටින රටකට එසේ සිදු කිරීම අමාරුයි. මෙය අපට ලබාදීමෙන් ලෝකය සමඟ ගනුදෙනු කරන්නට පුළුවන් වුණා.

ආචාර්ය ධාර්මික සමාජ මාධ්‍ය කලාව මෙරට තුළ ස්ථාපිත කළ යුතු බවත් ඒ සඳහා “Face to face book” නමින් සංවාදයක් හරහා මෙය ඉදිරියට ගෙනයාමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

එහිදී අදහස් දැක්වූ වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් කැළුම් ශිවන්ත මහතා - හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියනවා ජාතිවාදීන්, සමාජයට වින කරවන සමාජයේ ගැටුම් ඇතිකරවන අයුරු post ඵල කරන නිසා මෙසේ ක්‍රියා කළා කියලා. මේ වගේ එක් කාරණයක් මුල් කරගෙනයි මෙම ප්‍රශ්නය මතු කරගෙන තිබෙන්නේ. Face to face book සංවාදය හරහා මෙය ඉදිරියට ගෙන යනවා. එයට මුහුණදිය යුතුයි. පැනලා යන්න බැහැ.

එහිදී අදහස් දැක්වූ නීතිඥ ප්‍රබෝධ රත්නායක මහතා - සියලු මාධ්‍යවලට ප්‍රවේශ වෙන්න තියෙන මාර්ගය තමා face book කියන්නේ. එය ප්‍රධාන මාධ්‍යයන්ට යම් සම්බන්ධයක් ගොඩනැගීම සිදු කරනවා. පරිගණක සාක්ෂරතාවය බස්නාහිර පළාතේ නම් 50% දක්වා ඉහළ ගොස් තියෙනවා. මිලියන 2ක් පමණ ජනයාගේ අයිතිවාසිකම් තමා මේ උල්ලංඝනය කර තිබෙන්නේ.

ප්‍රකාශනයේ හා භාෂණයේ සීමා පණවන්න අවස්ථාව තියෙනවා. නමුත් අපි කියන්නේ තවත් ඉදිරියට මෙය පාලනය කරන්න අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ලියුම් 02ක් මගින් කළ යුතු දේ පිළිබඳ දැනුවත් කර යවලා තිබෙනවා.

වැරැද්දක් සිදු වුවහොත් 2007/56 හා 2007/57 අංක 3 වගන්තිය අනුව අත්අඩංගුවට ගන්න පුළුවන්. ඇත්තටම ජාතිවාදීන් හැංගිලා ඉන්නේ එළියේ. face book එකේ නොවෙයි. එළියේ ප්‍රසිද්ධියේ ඉන්න ජාතිවාදීන් අල්ලා පාලනය කිරීම කළ යුතු වන්නේ.

එහිදී අදහස් දැක්වූ වෘත්තිය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ නුවන් හෙට්ටිආරච්චි මහතා - සමාජ ජාලා මාධ්‍ය හරහා රැකියා මගින් මුදල් උපයන අය ලක්ෂ 24 කට වඩා වැඩි පිරිසක් ඉන්නවා. නිරූපණ ශිල්පීන් පවා මෙම මාධ්‍ය ජාලා මත යැපෙන අය ඉන්නවා.

සමාජ ජාලා මාධ්‍ය හරහා දුරකථන මිල අඩු‍ වෙලා, සම්බන්ධතා ගොඩනගාගන්නත් මෙය උදව් වෙනවා. මෙම අවහිරතාවය නිසා ආර්ථිකමය ලොකු හානියක් වෙලා තියෙන්නේ. මේ අවහිරතාවය නිසා මේ සියලු අංශ පීඩාවට පත්වී සිටිනවා. තාක්ෂණය ගැන දැනුවත් අයගෙන් බලධාරින් උපදෙස් ගත යුතුයි.

ස්වර්ණා විජේකෝන් සහ චන්දිමා කරුණාරත්න
ඡායාරූපය - රොෂාන් පිටිපන

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();