Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාතිවාදය හා අන්තවාදය පිටුදැකිය යුතුයි

Author(s): 
ශීලා උඩුවර
චමීර ඇල්ලදෙණිය

සියලු ආකාරයේ ජාතිවාදය හා අන්තවාදය පිටු දැකිය යුතු බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති චන්දිම වීරක්කොඩි මහතා පවසයි. ජාතිවාදී අරගල ආරම්භ කළ සියලු දෙනාට පාට පක්ෂ භේදයකින් තොරව දඬුවම් ලබාදිය යුතු බවත් එසේ නොමැතිනම් ඉදිරියේදී මෙවැනි අරගල දුරදිග යාමතුළින් සියලුම ජාතීන්ට සාමකාමීව ජිවත්විය හැකි රට අහිමිව යාහැකි බවත් වීරක්කොඩි මහතා පෙන්වා දුන්නේය.

ඇමැති චන්දිම වීරක්කොඩි මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියට අයත් විශේෂ මෝටර් රථ පුහුණු අභ්‍යාස ආයතනය ගාල්ල බුස්ස ප්‍රදේශයේ විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාවකදීය.

ආගමික නායකයින් විසින් සිය දර්ශනවලට අනුව අනුගාමික කොටසක් පෙළ ගැස්විය යුතු බවත් නිවැරැදිය ජාතික සමඟින් ජිවත්විය හැකි පරිසරක් නිර්මාණය කිරිමට ආගමික නායකයන්ගේ වගකීමක් තිබෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය. සිංහල වේවා, ද්‍රවිඩ වේවා, මුස්ලිම් වේවා, අන්තවාදීව ජාතිවාදීව කටයුතු කරනවා නම්, මේ රටේ ගිනිදැල් ඇතිකරන්නට යම් පියවරක් ගන්නවානම් අපිට එක හඬින් කියන්න පුළුවන් වෙන්න ඕන, පක්ෂ පාට ආගම් බේදය පැත්තකට දාල ඒ උදවියට විරුද්ධව පියවර ගත යුතුයි කියල. එහෙම නැත්නම් හෙට දින නැවත අපිට ජීවත් වෙන්නට රටක් නැතිවෙයි.

අපි සිංහල බෞද්ධයෝ හැටියට අපිට අභිමානයක් තියෙනවා සිංහල බෞද්ධ කම ගැන. ඒකෙන් කියන්නේ නැහැ අපි වෙනත් ජාතියක් යටපත් කරලා විනාශ කරන්න ඕන කියල. ඒ වගේම මේ රටේ සුළු ජාතීනුත් දන ගන්න ඕන හැමවෙලේම ජාතිවාදය ඇවිස්සෙන ආකාරයට ක්‍රියා නොකොට මේ රටේ ලාංකීය කොටසක් හැටියට සමගියෙන් ජීවත්වෙන්න. මේ අවස්ථාවේදී ආගමික නායකයෝ සහ ජාතික නායකයෝ එකතුවෙලා තම තමන්ගේ ජාතීන් පෙළ ගැස්විය යුතුයි.

රුපියල් මිලියන තිස් අටක වියදමින් ඉදිකරන ලද මෙම පුහුණු මධ්‍යස්ථානය නවීනතම පුහුණු උපාංගවලින් සමන්විතය. මෝටර් රථ කාර්මික ක්ෂේත්රපයේ දේශීය හා විදේශීය ශ්‍රම වෙළඳපලට ගැලපෙන ආකාරයට සැලසුම්කොට ඇති මෙම පුහුණු කටයුතු ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය විසින් ඇසෝ සියෙටඩ් මොටර් වේස් (පුද්ගලික) ආයතනය හා අල්ෆුසෙයින් ඔටෝ මෝටිව් ගෘප් ආයතනය සමග එක්වී පවත්වාගෙන යාමට නියමිතය.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියයේ සභාපති ආචාර්ය ඉංජිනේරු, ලුතිනන් කමන්ඩර් ලයනල් පින්ටෝ මහතා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියයේ උප සභාපති නීතිඥ තිලක් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියයේ නිලධාරීන්, සේවකයන්, සිසු දරුවන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද සහභාගී වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();