අනපේක්ෂිත ලෙස චීනයේ බීජිං නුවරට පැමිණි උතුරු කොරියා දුම්රියේ ජ්‍යෙෂඨ උතුරු කොරියා නායකයකු පැමිණෙන්නට ඇතැයි විදෙස් මාධ්‍ය සැක පළ කරති. දැඩි ආරක්ෂක විධි විධාන යටතේ උතුරු කොරියා තාන්ත්‍රික දුම්රියෙන් ඉහළ පෙළේ සාමාජිකයකු පැමිණ ඇති බව මුල් වරට හෙළිදරව් කළේ ජපාන මාධ්‍ය මගිනි. මේ සම්බන්ධයෙන් දකුණු කොරියාව පවසන්නේ නිලධාරියා ගේ අනන්‍යතාව නොදන්නා නමුත් එම තත්ත්වය පිළිබඳව විමසිල්ලෙන් බලා සිටින බවයි.
2011 වසරේ දී උතුරු කොරියා නායකත්වය ලබා ගැනීමනේ පසු කිම් ජොන්- අන් විසින් සිදු කරන ප්‍රථම විදේශ සංචාරය මෙය විය හැකි බව විදෙස් මාධ්‍ය පවසයි.
කෙසේ වෙතත් මෙම සංචාරය පිළිබඳව චීනය හෝ උතුරු කොරියාව නිල වශයෙන් කිසිදු අදහසක් දක්වා නැත.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කිම් ජෝන්-අන් ගේ අනපේක්ෂිත ආරාධනය පසුගිය මාසයේ දී පිළිගත් අතර මෙය ඒ සඳහා පෙර සූදානමක් විය හැකි බවට දේශපාන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
0 Comments