Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරට සිතාසි

Author(s): 
මහර ගණිදු රෝචන සමරතුංග

උපන්දින ප්‍රියසාදයකදී පුද්ගලයකුට අතින් පහරදි බෝතල් කටුවකින් ඇන තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධව කරුණු විමසීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාට ලබන මාර්තු මස විසිවන දින අධිකරණයේ පෙනී සිටීමට පිස්කල් මඟින් මහර මහේස්ත්‍රාත් හේෂාන් ද මැල් මහතා සිතාසි නිකුත් කිරීමට ඊයේ (15) දින නියම කළේය.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි අවධානය යොමුකළ මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.

මෙම සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් මනෝජ් ක්‍රිස්ටි යන අය පෙර අවස්ථාවේ එදින‍ තෙක් රිමාන්ඩ් කිරීමට නියම කර තිබිණි.

සිද්ධියෙන් තුවාල ලැබූ ජගත් ප්‍රසන්න යන අය ප්‍රතිකාර සඳහා කිරිබත්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබිණි.

වත්තල, හුණුපිටිය, සංඝරාජ මාවතේ පදිංචි තුවාලකරුගේ බිරිඳ වන මල්ලිකා වනිගසිංහ යන අය විසින් කිරිබත්ගොඩ පොලිසියට කළ පැමිණිල්ල විමර්ශනය කර සැකකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි. සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුමුදු හේවගේ මහතා අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කරමින් මේ වනවිට මෙම සිද්ධියට අදාළව බී වාර්තාවක් මඟින් පොලිසිය නඩු පවරා ඇති අතර මෙම අපේක්ෂිත ඇප අයදුම් කිරීම සම්බන්ධව එම පොලිසියේ නිලධාරින් දැනුවත් කර ඇති බවද පැවසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();